Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

වීථි දරුවන්ට සංගීතය උගන්වන යුවතිය

|Thu, 12 September 2019 |Miscellaneous| Page Views : 8

අලුත් පුවත්
අගමැති අද ජනපති කොමිසමට එන්න බෑ කියයි
අනධ්‍යයන සේවකයින් අදත් වර්ජනයේ
ශ්‍රී ලංකාව සහ ටෝගෝ රාජ්‍ය අතර වෙළෙඳ සබඳතා පුළුල් කර ගැනීමට අවධානය
පළාත් කීපයකට තද වැසි
දමිළ ජනතා සංසඳය ‘එළුහ තමිල්’ පිළිබඳව සාකච්ඡාවක
ශ්‍රී ලංකාවට එරෙහිව බංග්ලාදේශයට ලකුණු 42ක ජයක්
ට්‍රම්ප් ආරක්ෂක උපදේශකවරයා ධූරයෙන් ඉවත් කරයි
නිව්යෝර්ක් ප්‍රහාරයට අදට වසර 18ක්
 
තලේබාන් සංවිධානය විසින් සංගීතය වැනි කලා කටයුතු වලට සීමා පනවා ඇති පසුබිමක වීථි දරුවන්ට සංගීතය උගන්වන දාහත් හැවිරිදි යුවතියක් පිළිබඳව ඇෆ්ගනිස්තානයෙන් වාර්තා වෙයි.ඇය නමින් මසූමා මොහම්මදි.

මසූමා මොහම්මදි සහ ඇගේ සංගීත කණ්ඩායමේ සෙසු සාමාජිකයන් සෑම සති දෙකකටම වරක් කාබුල් අගනුවර පිහිටි අවන්හලකට පැමිණෙන්නේ වීථි දරුවන් කණ්ඩායමක්ද සමඟයි.

එහිදී ඇය ඇතුළු පිරිසක වීථි දරුවන් කණ්ඩායමට සංගීතය උගන්වයි.

සෑම දරුවෙක්ම ළමා වියේදී තම සිහිනය පසුපස හඹා යා යුතු බව මසූමාගේ අදහසයි.

එහෙත් වීථි දරුවන්ගේ අපේක්ෂා විරහිත දෙනෙත් තමා බෙහෙවින් කම්පනයට පත්කළ බවත්, එබැවින් තමා දන්නා ශාස්ත්‍රය ඔවුන්ට ඉගැන්වීමට තීරණය කළ බවත් මසූමා පවසයි. සංගීත ප්‍රස්තාර කියැවීමේ සිට සංගීත භාණ්ඩ වාදනය දක්වාම මසූමාගේ සංගීත පන්තියේදී ඉගැන්වෙන බවත් සඳහන්. ඉගැන්වීමට අමතරව මෙම කණ්ඩායම වීථි දරුවන්ට අධ්‍යාපන අවශ්‍යතා සඳහා මුදල් ආධාරද ලබා දෙයි.

වීථි දරුවන් කණ්ඩායමේ සිටින ඇතැම් ළමුන් ඉදිරියේදී සංගීත අංශයෙන් ඉදිරියටම යනු ඇති බවට මසූමා විශ්වාස කරයි.

කෙසේ නමුත් ප්‍රසිද්ධ වේදිකාවේ ඉදිරිපත් කිරීම් සඳහා තම රට තුළ අවස්ථාවක් නොමැති බැවින් ඇතැම් අවස්ථාවල තමා කණස්සල්ට පත්වන බව ඇය පවසයි.

එහෙත් මතු දිනක ඇෆ්ගන් වැසියන් මුළු හදවතින්ම සංගීතය පිළිගනු ඇති බවටත් මසූමා මොහම්මදි බලාපොරොත්තු දල්වා සිටියි.

තලිබාන් සංවිධානය සංගීත සංස්කෘතියද පිළිගත යුතු බව පවසන මසූමා සංගීත ක්‍රියාකාරකම් නැවැත්වීමට ඔවුන්ට අවසරයක් නොමැති බව වැඩිදුරටත් ප්‍රකාශ කරයි.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න