Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

පාලන තන්ත්‍රයේ වෙනසක් ඉල්ලා රට පුරා විරෝධතා

|Fri,07 February 2020|Miscellaneous| Page Views : 39

අලුත් පුවත්
අගමැති ඉන්දියාවට
ෆාමේස් සමාගම අසාදු ලේඛනයට
කොරෝනා වෛරස් මරණ 636 ඉක්මවයි
"කොරෝනා" රෝගීන්ට ප්‍රතිකාර කළ වෛද්‍යවරයා හෘදයාබාධයකින් මියයයි
නුගේගොඩ හා කිරුළපන තාවකාලික විදුලිය බිඳ වැටීමක්
අගමැති මහින්ද හෙට ඉන්දියාවට
අඹේපුස්ස බස් රථ අනතුරෙන් කොන්දොස්තර මරුට
දිවයින පුරා පොහොර හිඟයක්
 
පාලන තන්ත්‍රය වෙනස් කරන්නැයි ඉල්ලමින් ඇල්ජීරියාවේ අගනුවර තවදුරටත් විරෝධතා ආරම්භවී තිබේ.

අඛණ්ඩ 50වැනි සතියටත් ඇල්ජීරියාවේ විරෝධතා ආරම්භ වී තිබේ.

ඇල්ජීරියස් අගනුවර පැවැත්වෙන ව්රෝධතා සදහා දහස් සංඛ්‍යාත පිරිසක් මෙවරත් එක්ව සිටියේය.

අප්‍රිකාවේ පිහිටි විශාලතම රාජ්‍යය වන ඇල්ජීරියාවේ පාලන බල තන්ත්‍රය සංශෝධනය වියයුතු යැයි පවසමින් ජනතාව වීදි බැස්සේ මීට වසරකට පමණ පෙරාතුව සිටයි.

එහි එක් ප්‍රතිඵලයක් ලෙසින් පසුගිය අප්‍රේල් මාසයේදී එරට හිටපු ජනාධිපති ඇබ්දෙලාසෙස් බුටෆියේකාට සිය ධූරයෙන්ද ඉල්ලා අස්වීමට සිදුවිය.

ඉන් අනතුරුව දෙසැම්බර් මාසයේදී පැවැත්වුණු මැතිවරණයකින් නව ජනාධිපති ඇබ්දෙල්මජිඩ් ටෙබොයුන් තේරීපත්වුණත් ඔහුටත් එරෙහිව දැඩි විරෝධයක් එල්ලවුණේ රට තවත් අර්බුදයක් කරා ගෙනයමින්.

රජයට එරෙහිව විරෝධතාවට එක්වූවන් පවසන්නේ හිස්මාරුවක් නොව සැබෑ දේශපාලන වෙනසක් රටට අවශ්‍ය බවයි.

එම වෙනස ලැබෙන තුරු විරෝධතා අවසන් නොකරන බවත් ඔවුන් පෙන්වා දෙයි.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න