Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

නයින්ටීන් වෛරසයෙන් 242 ක් මරුට

|Thu,13 February 2020|Special| Page Views : 234

අලුත් පුවත්
විදුලි සැර වැදීමෙන් ජීවිත 103ක් අහිමිවෙයි
ගීත නිර්මාණ කර්තෘ භාග ගෙවීම අරඹයි
පොලීසියේ ලොකු පුටු කීපයක තැන් මාරුවක්
ජාත්‍යන්තර තත්වයේ ආහාර රසායනාගාරය හෙට විවෘත වෙයි
ශ්‍රී ලන්කන් 19දා කෝප් කමිටුවට
ලංගම ඩිපෝ ආදායම ඉහළට
වෙලේ සුදාට එරෙහි නඩුව ඔක්.5 විභාගයට
දුවිලි අංශු යළිත් ඉහළට
 
කොවිඩ් - නයින්ටීන් වෛරසය වැළදීමෙන් පසුගිය පැය කිහිපය තුළ පමණක් මියගිය සංඛ්‍යාව 242 කින් ඉහළ ගොස් ඇති බව විදෙස් වාර්තා සඳහන් කළා.

ඒ අනුව මෙම වෛරසය වැළඳීමෙන් මියගිය සංඛ්‍යාව 1360 ක්.

මියගිය සියලූදෙනා හුබෙයි ප්‍රාන්තයෙන් වාර්තාවී ඇති බවයි විදෙස් වාර්තා තවදුරටත් සඳහන් කළේ.

එමෙන්ම ආසාදිතයන් සංඛ්‍යාවද 14,000 කින් ඉහළ ගොස් ඇති අතර, ඒ අනුව ලොව පුරා පුද්ගලයින් 60,062 ක් මෙම වෛසරයට ගොදුරුව තිබෙනවා.

එමෙන්ම ඇමරිකාවේ දකුණු කැලිෆෝනියා ප්‍රාන්තයෙන්ද කොවිඩ් - 19 වෛරසය ආසාදිත වූ පුද්ගලයෙකු වාර්තාවන බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ.

මේ අතර මෙම වෛරසයේ බලපෑම පිළිබඳ තීරණයකට එළඹීමට කල් වැඩි බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ හදිසි සේවා පිළිබඳ ප්‍රධානී වෛද්‍ය මයිකල් රයන් ප්‍රකාශ කර තිබෙනවා.

ලෝක සෞඛ්‍ය සංවිධානය දිනපතා පවත්වන ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ මෙහි මුල මැද හෝ අග පිළිබඳව තීරණය කිරීමට ඉක්මන් නොවිය යුතු බවයි.

පවතින තත්ත්වය හමුවේ චීනයේ ෂැංහයි නුවර පැවැත්වීමට නියමිතව තිබූ ගෝන් ෆ‍්‍රී ෆෝමියුලා වන් තරගාවලිය කල් දමා තිබෙනවා.

අප්‍රේල් 19 වනදා ආරම්භවීමට නියමිතව තිබූ එම තරගාවලියේ සංවිධායකයින් කළ ඉල්ලීමකට අනුවයි මෙම තීරණය ගෙන ඇත්තේ.

සාර්ස් වෛරසය පැතිර ගිය කාලසිමාවට වඩා කොවිඞ් - නයින්ටීන් වෛරසය හේතුවෙන් ලෝක ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල කර ඇති බව ලෝක ආර්ථික විශේෂඥයින් පවසනවා.

මේ අතර ඔපෙක් සංවිධානය සඳහන් කළේ කොවිඞ් - නයින්ටීන් වෛරසයේ බලපෑමෙන් ලෝක තෙල් ඉල්ලූම පස් ගුණයකින් පමණ පහළ යනු ඇතැයි අපේක්ෂා කරන බවයි.

වෛරසය පැතිර යාමත් සමඟ රටවල් රැසක් චීනය වෙත සිදුකරන සිය ගුවන් ගමන් අත්හිටුවීමට තීරණය කළ අතර, බොහෝ කර්මාන්තශාවල නිෂ්පාදන කටයුතුද ඇණ හිටියා.

මේ අතර බ්‍රිතාන්‍ය බන්ධනාගාරයකට රැගෙන ආ රැඳවියන් දෙදෙනෙකුට මෙම වෛරසය ආසාදනය වී ඇති බව වාර්තාවනවා.

ඉන් එක් රැඳවියෙකු මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් තායිලන්තයේදී අත්අඩංගුවට ගෙන මීට සති දෙකකට පෙර බ්‍රිතාන්‍යයට පිටුවහල් කළ අයෙක්.

ඒ අනුව ඔහුට තායිලන්තයේදී වෛරසය ආසාදනය වී ඇති බවට සැක පළ කෙරෙන අතර, එම පුද්ගලයාගෙන් අනෙක් රැඳවියාට වෛරසය සම්ප්‍රේෂණය වන්නට ඇති බවටයි එරට බලධාරීන් සැක පළ කරන්නේ.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න