Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

සෑම විහාරාධිපති හිමිනමකටම සාම විනිසුරු තනතුරක්

|Mon, 24 February 2020|Miscellaneous| Page Views :

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති කර ආරක්ෂිත රටක් බවට පත් කිරීමේ හැරවුම් ලක්ෂය වුණේ මහා සංඝරත්නය බව අධිකරණ මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

ගමත් පන්සලත් යා කරන පාලමක් නිර්මාණය කිරීම සඳහා සෑම විහාරස්ථානයකම ගෞරවණිය විහාරාධිපති ස්වාමීන් වහන්සේලාට සාම විනිසුරු තනතුරු ලබාදීමට තීරණය කර තිබෙන බවද අමාත්‍යවරයා පැවසීය.

අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ සාම විනිසුරුරු පදවි 750 ක් ප්‍රදානය කිරීමේ අවස්ථාවට බදුල්ල පුස්තකාල ශ්‍රවණාගාරයේදී ඊයේ (23) පැවති උත්සවයට එක්වෙමින්.

තවදුරටත් අදහස් පළ කළ අමාත්‍යවරයා,

"අපේ රට අනාරක්ෂිත තත්ත්වයකට යමින් පැවති තත්වය වෙනස් කරලා නිවැරදි මාර්ගයට යොමු කිරීමේ හැරවුම් ලක්ෂය බවට පත් වුණේ ගෞරවණිය මහා සංඝ රත්නයයි.

ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මේ රටේ ජනාධිපතිවරයා බවට පත් කරලා උන් වහන්සේලා ඒ සදහා නායකත්වය ගත්තා.ඒ තුළින් රට නව මාවතකට යොමු වුණා සේම විනය ගරුක රටක් බවට පත් වුණා.අපේ රට අද නිවැරදි දිශාවට ගමන් කරනවා වගේම විනය ගරුක රටක් බවට පත් වෙලා තිබෙනවා.ඒ සදහා අපේ රටේ ගරුතර මහා සංඝ රත්නය ලබා දුන් නායකත්වය අපි අගය කළ යුතුයි.

විශේෂයෙන් සාම විනිසුරු තනතුර තුළින් ද සමාජය විනය ගරුක රටක් බවට පත් කළ හැකියි.ඒ සදහා අද දින සාම විනිසුරු තනතුරු ලබන ඔබ කටයුතු කළ යුතුයි.ඒ සදහා තම ගමට ප්‍රදේශයට නායකත්වය ලබා දීමේ වගකීම ඔබට තිබෙනවා.මෙම තනතුර දරන ලද පුද්ගලයින් අතීතයේ මෙම තනතුරේ ගෞරවය ආරක්ෂා කිරීමට කටයුතු කළා සේ ඔබත් කටයුතු කළ යුතුයි.

සාම විනිසුරු තනතුර කියන්නේ රැකියාවක් හෝ වෘත්තියක් නොවෙයි.මෙය ගරු සේවයක් බවට මතක තබා ගත යුතුයි.

අතීතයේ සිටි ඇතැම් සාම විනිසුරුවරුන් මේ තනතුරේ ගෞරවය විනාශ කළ ආකාරයත් වාර්තා වෙලා තිබෙනවා.ගමත් පන්සලත් යා කරන පාලමක් නිර්මාණය කිරීම සදහා සෑම විහාරස්ථානයකම ගෞරවණිය විහාරාධිපති ස්වාමීන් වහන්සේලා සදහා සාම විනිසුරු තනතුරු ලබාදීමට තීරණය කර තිබෙනවා.

ගමත් පන්සලත් අතර පමණක් නොවෙයි පන්සල පල්ලිය කෝවිල කියන මේ සියලු ආගමික ස්ථාන කේන්ද්‍ර කරගත් සමාජීය පරිවර්තනයක් කළ යුතු යුගයකට රට යා යුතුයි."


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න