Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

මෝටර් රථවල ඡායාරූප ගැනීම සඳහා ක්‍රම ශිල්ප

|Tue, 25 February 2020|Security| Page Views :

ඔබේ ඡායාරූපයක් ලංකාවේ හෝ ලෝකය පුරාම අය Wallpaper එකට දාගෙන ඉන්නවා දකින්න ලැබෙන එක මොන තරම් සතුටක් ද? කාර් රථ ඡායාරූපකරණය කියන්නේ කාර්වලට මනබඳින සෑම කෙනෙක්ම ප්‍රිය කරන මාතෘකාවක් නිසා, ඔවුන් වෙනුවෙන් ඔබට නවමු නිර්මාණ කරන්නට මේ ක්‍රම ශිල්ප සමග හැකි වේවි.

දවසේ නිවැරදි වේලාව සහ කාරයේ වර්ණය

කාලය තෝරාගැනීම කාර් රථයේ වර්ගය සහ වර්ණය අනුව තීරණය කළ යුතු වේ. සුදු පැහැය සහ ඊට හුරු වර්ණ ඇති වාහන දිවා කාලයේ වුව ද ඡායාරූප ගැනීමට සුදුසු වේ. අනෙකුත් තද වර්ණ ඇති වාහනවල ඡායාරූප සඳහා ස්වාභාවික ආලෝකය ලබා ගනිද්දී ‍වඩාත්ම සුදුසු වන්නේ උදෑසන හිරු පායන්නට පෙර පැයක් පමණ කාලය යි.

මෙම කාලය තුළ හිරු එළිය ඡායාරූපවලට ගැළපෙන ප්‍රමාණයට පතිත වන අතර, පිණි වැටීම නිසා පත්‍ර ද හරිත පැහැයෙන් දිලෙයි. DSLR කැමරාවක් ඇත්නම් සැඳෑ සමය (හවස 6-7) වුව යොදාගත හැක. එය golden-hour.com වෙබ් අඩවියෙන් ස්ථානීයව දැකගත හැකියි.

පරාවර්තනය වීම් සහ ඡායාරූපය ගන්නා කෝණය

දිලිසෙන මතුපිටක් ඇති තීන්ත ආලේපිත කාර් රථවල ඡායාරූප ගැනීමේ දී ඉන් පරාවර්තනය වන දේවල් ගැන සැලකිලිමත් විය යුතු වේ. ඡායාරූපය ගන්නා ඔබ, අසල ඇති වෙනත් ඡායාරූපයට බාධා කළ හැකි දෑ (නිවාස, වහළයක කොටසක්, වෙනත් වාහන ආදිය) ඉවත් කර ඡායාරූපය ගත යුතු වේ. ටයිමරයක් සමග Tripod එකක් භාවිතය සහ කෝණය වෙනස් කිරීමෙන් නොවැළැක්විය හැකි වස්තූන් සැඟවිය හැකි වනු ඇත.

කාර් රථ ඡායාරූපකරණයේ දී ඇස් මට්ටමින් ගැනීම හැකිතාක් අවම කළ යුතු වේ. ඉතා පහළින් හෝ හැකිතාක් කැමරාව ඉහළට ඔසවා (හෝ ඉණිමඟක නැග) ඡායාරූපය ගැනීම වඩාත් සාර්ථක ය. 4x4 වාහනවල රෝද විශාල නිසා ඉතා පහතින් ගත විට එහි ප්‍රෞඪත්වය හොඳින් නිරූපණය කළ හැකි වේ.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න