Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ශෂිකලා අන්තර්ජාතික ක්‍රිකට් පිටියෙන් සමු ගනියි

|Tue,03 March 2020|Special| Page Views :

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව් කැපී පෙනෙන ක්‍රීඩිකා ශෂිකලා සිරිවර්ධන අන්තර්ජාතික ක්‍රිකට් පිටියෙන් සම්පූර්ණයෙන් විශ්‍රාම ගෙන තිබේ.

වසර 17 ක් ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත වූ ඇය ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය යටතේ බංග්ලාදේශය සමඟ ඊයේ (02) පැවති තරඟයෙන් පසු සමුගැනීම ප්‍රකාශයට පත් කර තිබුණි.

ඇය පන්දුවාර විස්සයි විස්ස තරඟ 81 කට සහභාගී වී ලකුණු 1097ක් සහ කඩුලු 77 ක් දවා ගැනීමට සමත්ව තිබේ.

පසුගිය වසරේ අවසන් වරට එක්දින ජාත්‍යන්තර තරඟයකට ඇය සහභාගී වූ අතර ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින තරඟවලදී ලකුණු දහසක් සහ කඩුලු සියයක්දවා ගත් එකම ක්‍රීඩිකාව ද වේ.

ශෂිකලා සිරිවර්ධන ක්‍රීඩාවෙන් විශ්‍රාම ගන්නා විට 35 වනවියේ පසුවුණි.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න