Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ලිංගික හිංසනයන්ගෙන් බේරීමට කාන්තාවන් සඳහා ඇප් එකක් ජූලියා ෂෝ

|Wed,04 March 2020|Miscellaneous| Page Views : 50

අලුත් පුවත්
Foldable ට්‍රෙන්ඩ් එක
ලංකා ඇමෙරිකා ඒකාබද්ධ පුහුණු හුවමාරු පාඨමාලාව ඇරඹේ
ශ්‍රී ලංකා – කොදෙව් විස්සයි විස්ස පළමු තරඟය අද
සිද්ධාර්ථ කුමාරයාගේ චරිතයයි ආකාශ්ගේ චරිතයයි අහසයි පොළොවයි වගේ
‘ශදීනොටා’’ නෞකාව කොළඹ වරායට
කෘමින් රැස්කළ රැසියානු ජාතිකයාට මාංචු
ප්‍රියංකාගේ ඉන්ටර්ග්‍රෑම් ගිණුමේ මිලියන 50ක්
 
බටහිර ජර්මනියේ උපත ලබා කැනඩාවේ හැදී වැඩුණු වෛද්‍ය ජූලියා ෂෝ මතකය සම්බන්ධ විද්‍යාඥවරියකි. අපරාධ මානසිකත්වය පිළිබඳ උපාධිධාරිනියකි.

සමේ වර්ණය වෙනස් වීම, ආගම් භේද, ලිංගික සංක්‍රාන්තිකයන් වීම, ආබාධිත වීම පමණක් නොව හුදෙක් කාන්තාවන් වීම නිසාම සේවා ස්ථානවල, මඟතොටේ විවිධාකාරයේ අතවරවලට ලක්වීම, වෙනස්ව සැලකීම්වලට බඳුන් වීම ලෝකය පුරාම දක්නට ලැබෙන කාරණයකි.යම් අපරාධයක් සම්බන්ධව කල්ගතවී මතකයෙන් පවසන සාක්ෂිවල පරස්පර විරෝධතා තිබුණෙන් නඩු අහක ගොස් සැබෑ වරදකරුවන් නිදහස් වන අවස්ථා අදද අපට නිතර අසන්නට ලැබේ. එවන් අවස්ථාවල චූදිතයන් කොටු කර ගැනීමට සහ නැවත ඒවා සිදුවීම වැළැක්වීමට ඇය විසින් හඳුන්වා දුන් අන්තර්ජාල මෙවලම ලෝකය පුරා ඉමහත් පැසසුමට ලක්වී ඇත.

මෙය සම්බන්ධව ටෙඩ් ටෝක්ස් වැඩසහටනේදී ඇය විස්තර කළේ මෙසේය.

“දිනෙන් දිනම මහමඟ සිදුවන අතවර, තම සේවා ස්ථානයේ සිදුවන ලිංගික හිංසයන්, සෑම ක්ෂේත්‍රයකම බලය අවභාවිත වීම, මූල්‍ය වංචාවන්, අල්ලස් ඉල්ලීම් ආදිය වැඩි වෙමින් පවතින බව අපට පේනවා. මේවා ගැන සමාජ මාධ්‍යවල කෑ ගැසුවාට පමණක් පලක් නෑ. මේ මානව හිමිකම් උල්ලංඝනය අවම කිරීමට සහාය දැක්වීමයි අපේ අරමුණ. අප මේවා ගැන පැමිණිලි කරන විට අපට ඇත්තේ අපේ මතකයේ ඇති සාක්ෂි පමණයි. එය ඉක්මනින්ම අමතකව ගිය හැකියි. ලියා නොතැබුවහොත් නැවත සියුම් කාරණා මතක් කර ගැනීම අපහසුයි. මතකය වහාම ස්ථීර සාක්ෂි බවට හරවාගන්න නම් අදාළ කරුණු සියල්ල වෙලාවත් සමඟ එවෙලේම සටහන් තැබිය යුතු වේ. එය කළ යුත්තේ කිසිවකුට පැවැසීමට පළමුවය. අප යම් සිද්ධියක් පිළිබඳ කතා කළ විගසම එහි තිබෙන සියුම් නිශ්චිත කාරණා වෙනස්ව යන බව පරීක්ෂණවලින් ඔප්පු වී තිබෙනවා. ඒ නිසා එවලේම සටහන් තැබීමට හොඳම උපකරණය ඔබ අත ඇති ජංගම දුරකථනයයි. සිදුවූයේ කුමක්ද? එතැන සිටි අනෙක් පුද්ගලයන් කවුද? වෙලාව, දිනය හා ස්ථානය දැනට මේ සම්බන්ධව වෙනත් පාර්ශ්වයකට පැවැසුවා නම් ඒ කාටද? ඒ වෙලාවේ ඔබට දැනුණ හැඟීම කුමක්ද? මේ සියල්ල සම්බන්ධව ඇති හඬ පට, ඡායාරූප, ඊ මේල් සාක්ෂි මොනවාද? කාන්තාවන්ට සිදුවන විවිධ අතවරයන්හිදී හෝ ඕනෑම කෙනකුට සිදුවන මානව හිමිකම් උල්ලංඝනයකදී එය ක්ෂණයකින් වාර්තා කොට රහසිගත ලෙස දත්ත සටහන් කොට ආරක්ෂිතව තබා ගැනීමට අපි ඇප් එකක් නිපදවා ඵබෙනවා. එය ඉනධබ යනුවෙන් හැඳින්වෙනවා. එය නිර්නාමික ආරක්ෂිත නොමිලේ සපයන සේවාවක්. සාක්ෂි මත පදනම් වූ සම්මුඛ සාකච්ඡාවක් ලෙස මෙය හැඳින්විය හැකියි. ඇත්ත වශයෙන්ම මෙය පොලිසිය යම් පරීක්ෂණයක් පවත්වන අවස්ථාවට සමාන වෙනවා. මෙවන් නඩු අවස්ථාවකදී අත්‍යවශ්‍ය කරුණු ප්‍රශ්න අසමින් ප්‍රශ්න කරනවා. මෙම දත්ත ලියවිල්ලක් ලෙස ආරක්ෂිතව තබනවා. ඔබට පසුවට අවශ්‍ය වුණොත් පාවිච්චියට තබා ගන්නත් පුළුවන්. නැත්නම් ඔබට කරදර කරන අනවශ්‍ය බලපෑම් කරන අයට නිර්නාමිකව එවලේම යවන්නත් පුළුවන්. තම සේවා ස්ථානවලදී සිදුවන අතවර, මානසික පහත හෙළීම් නිසා ඇති වන පීඩනය කිසිවකුටත් නොකියා සඟවාගෙන හිඳීම තමයි බොහෝ විට කෙරෙන්නේ. නැතිනම් ඒ සම්බන්ධව කිසි පියවරක් ගත නොහැකි නෑදෑ හිත මිතුරන් සමඟ පැවැසීම පමණයි කරන්නේ. මෙවැනි විද්‍යාත්මක ක්‍රමවේදයකදී අපට මෙවැනි දේ ඇති වනවිටම හෙළි කර ගෙන අදාළ අය හා සංවාදයකට එළැඹීමට හැකියාව ලැබෙනවා. මම මෙය වාර්තා කිරීමේ විප්ලවයක් ලෙස හඳුන්වන්න කැමැතියි. තම අනන්‍යතාව හෙළි කිරීට මැළිවීම නිසා පීඩාවට පත්ව නිහඬව සිටින අය වෙනුවෙන් හඬක් නැඟීමට අපට මෙයින් අවස්ථාව ලබා දෙනවා.

මිනිස් මොළයේ විවිධ අවස්ථාවන්ට හැඩගැසීමේ සහජ හැකියාව උපයෝගි කරගෙන ඇගේ ආන්දෝලනාත්මක පරීක්ෂණ ව්‍යාපෘතිය වූයේ ව්‍යාජ මතකය මනස් තුළට බලෙන් ඇතුළු කර සිදු නොවුණු සිද්ධියක් සිදුවූවා සේ මතකයේ රැඳවීමයි. යම් අපරාධයක් නොකළ කෙනෙක් තමා අපරාධයක් කළ බව පිළිගන්නා අවස්ථා පවා මෙහිදී නිර්මාණය කළ හැකිවේ. මෙම ක්‍රියාවලියේ යෙදෙන්නන් Memory hackers ලෙස හැඳින්වේ. පොලිසිවල, උසාවි තුළ පමණක් නොව දේශපාලනයේදීද මෙය දැනටමත් භාවිත වන අයුරු ඇය විසින් පෙන්වා දී ඇත.

මතක විද්‍යාව සහ කෘත්‍රිම බුද්ධිය පිළිබඳව 2016දී ඇය විසින් පළ කරන ලද The Memory Illusion මේ වනවිට භාෂා 20කට පරිවර්තනය කොට ඇත. ඇය විසින් පළ කරන ලද දෙවැනි පොත Evil විසින් මනුෂ්‍ය සන්තානයේ ඇති අඳුරු පැතිකඩ විවර කරමින් මෙතෙක් මනුෂ්‍යත්වය පිළිබඳ කිසිවකු නෙත් නොහෙළුෑ ඉසව්වකට ඇය විසින් ආලෝක දහරා එල්ල කොට ඇත. අපරාධ නීති උපදේශිකාවකද වන ඇගේ පරීක්ෂණ නව සොයාගැනීම් නිතර ජනාමධ්‍යයන්හි පළ වේ.

මනුෂ්‍ය සන්තානය සංකීර්ණ ගති පැවතුම්වලින් යුක්තය. අපරාධකරුවන් යැයි වෙනම පිරිසක් නැත. අපි පාරේ යනවිට යම් කෙනකු හෝ පිරිසක් සතකුට තළා පෙළා මරණයට පත්වනු දුටුවහොත් ඒ පිළිබඳ මහත් කම්පා වෙමු. එය සිදු කරන තැනැත්තාද මහා පාපතරයකු ලෙස හඳුන්වමු. එහෙත් දිනපතා අපේ පිඟානට එන්නේත් එවැනි වධ හිංසාවට පත්ව මරණයට පත්වන බිලියන ගණනකගෙන් කෙනකුගේ සිරුරු කොටසක් බව අමතක කරමු. එම මරණ අඩු කර ගැනීමට දායක වන්නට නොසිතමු. Jeffrey Dahmer නම් කාන්තාවන් 17ක් දූෂණය කර මරා දැමූ මිනීමරුවා (Serial Killer) ඔවුන් මරා දැමුවා පමණක් නොව ඔවුන්ගේ සිරුරු කොටස්ද ළඟ තබා ගත්තේය. ඒ ඇයිදැයි විමසූ විට ඔහු පවසා තිබුණේ “මට පාළු නිසයි” යනුවෙනි. අංක එකේ මනුෂ්‍ය සංහාරයක් කළ හිට්ලර් ඉමහත් ලාලිත්‍යයෙන් සෞම්‍ය සිතුවම්කරණයෙහි දක්ෂයකු වූ බව අපි කවුරුත් දනිමු. වසර 35ක් යුග දිවි ගෙවූ දෙදෙනකු වුවද එකිනෙකා ඝාතනය කළ හැකි තත්ත්වයකට මොහොතකදී පත්විය හැකි බව මනුෂ්‍ය සන්තානයේ රහස් හෙළි කරමින් ඇය පෙන්වා දෙයි.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න