Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

තෝමස්ට පිළිතුරු දෙන්න කුසල් සුදානමින්

|Thu, 05 March 2020|Miscellaneous| Page Views : 34

අලුත් පුවත්
කැලිෆෝනියාවේ හදිසි තත්ත්වයක්
මැතිවරණ කොමිසම උපාධිධාරි පුහුණුව අත්හිටුවයි
දිවයිනේ අද හවසට වැසි
කොරෝනා හේතුවෙන් සියලු පාසල් වසා දමයි
කුසල් ජනිත් යුග දිවියට
පාර්ලිමේන්තු මන්ත්‍රීන් 23 දෙනෙකුට කොරෝනා
සමූහ දූෂකයන්ගේ මරණ දඬුවම යළිත් කල් යයි
බෝතල් හෝදලා ඇමෝනියා දාලා පදම්කරලා දෙන කොළඹ පොල් රා
 
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ පැවැති පළමු විස්සයි විස්ස ක්‍රිකට් තරගයේදී කණ්ඩායමේ පන්දු රැකීමේදී අඩුපාඩු සිදු වු බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරු කුසල් ජනිත් පෙරේරා පවසයි.

ශ්‍රී ලංකා පිලට සාපේක්ෂව බටහිර ඉන්දීය කොදෙව් පිලට විස්සයි විස්ස තරගවල වැඩි අත්දැකීම් ප්‍රමණයක් ඇති බව තරගයෙන් අනතුරුව පැවැති මාධ්‍ය හමුමේ දී කුසල් ජනිත් පෙරේරා වැඩිදුරටත් සඳහන් කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු කුසල් ජනිත් පවසා සිටියේ, ලකුණු ලබා ගැනීම ගැන තමා පෞද්ගලිකව සතුටු වුවත් තරගය ජයග්‍රහණය කළේ නම් ඊටත් වඩා සතුටු වන බවයි.

කණ්ඩායමක් ලෙස වැරදුන තැන් හදා ගෙන ඉදිරි තරග සඳහා ඉදිරිපත් විය යුතු බවත් පැවසු ඒ මහතා, පන්දු රැකීමේ දී අතපසුවීම් සිදු වු බවත් පැවසීය.

එකම ආකාරයකින් පිතිකරුවන් දැවී යෑමට ගැන තවත් හැදැරීය යුතු බවත් පැවසු කුසල් ජනිත්, බටහිර ඉන්දීය පිලේ පන්දු යවන්නේකු වු ඔෂේන් තෝමස් (Oshane Thomas) ට ඉදිරි තරගයේ දී අභියෝගයක් විය යුතු බවත් කියා සිටියේය. ඊයේ පැවති තරගයේ දී ඔහු කඩුලු 5ක් දවා ගත් නමුත් එයට ප්‍රතිප්‍රහාරයක් එල්ල කළ යුතු බවත් පැවසු කුසල් 20යි 20යි තරගයක් යනු පිතිකරුවන්ගේ තරගයක් බවත් පැවසීය.

බටහිර ඉන්දීය ක්‍රීඩකයින්ට 20යි 20 තරගවල බොහෝ අත්දැකීම් ඇති බවත් පැවසු කුසල් ජනිත් ලංකා පිලට පළපුරුද්දේ අඩුකමක් ඇතැයි ද කියා සිටියේය.

“තරග පරදින්න බය වෙලා දිනන්න බෑ“ යනුවෙන් ද පැවසු කුසල් ජනිත් වෙනසක් කර ජයග්‍රහණය කළ යුතුව ඇතැයි ද පැවසීය.

ක්‍රීඩකයෙක් ලෙස තම බලාපොරොත්තුව වන්නෙත් තරග ජයග්‍රහණය කිරීම බවත් කිසිවෙකු තරගය පරාජය වීමට අකමැති බවත් පැවසු කුසල් ජනිත් ප්‍රේක්ෂකයින්ගෙන් ක්‍රීඩකයින් දිරිමත් කරන ලෙසටත් ඉල්ලා සිටියේය.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න