Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ඉතාලියේ පළාත් 14ක් වසා දැමේ

|Sun,08 March 2020|Special| Page Views : 47

අලුත් පුවත්
වනිඳු හසරංග සති 06ක් ක්‍රිකට් පිටියෙන් ඉවතට
රටවල් 93 කට කොරෝනා – ඉතාලියට දැඩි බලපෑමක්
හෙරොයින් ග්‍රෑම් 500ක් සමඟ අයෙක් අල්ලයි
ජාත්‍යන්තර කාන්තා දිනයයි
දරුණු අපරාධකරුවන් බූස්සට හා අඟුණකොළට
ශ්‍රී ලංකන් සහ ජෙඩා නගරය දක්වා ගුවන් ගමන් අත්හිටුවයි
රජයේ වියදම් සඳහා ජනපති අවසරය
අයිස් සමඟ 4ක් අත්අඩංගුවට
 
නව කොරෝනා වෛරසය සීඝ්‍රයෙන් ව්‍යාප්ත වීම හේතුවෙන් ඉතාලියේ ලොම්බාඩි කලාපය සහ තවත් පළාත් 14 ක් වසාදැමීමට බලධාරීන් තීරණය කර ඇත.

ඒ,ගතවූ පැය 24 තුළ එරටින් අලුතින් ආසාදිතයින් 1200ක් වාර්තා වීමත් සමඟයි.

කොරෝනා වෛරසයේ ඉහළ ව්‍යාප්තියක් පෙන්නුම් කරන ඉතාලියේ සමස්ත ආසාදිතයින් ගණන 5883 දක්වා ඉහළ ගොස් තිබෙන අතර සිදුව ඇති පුද්ගල මරණ සංඛ්‍යාව 233ක්.

පවතින තත්ත්වය හමුවේ උතුරු ඉතාලියේ ලොම්බාඩියා කලාපය සහ තවත් පළාත් 14ක් අප්‍රේල් මාසය ආරම්භය තෙක් වසා දැමීමට එරට රජය පියවර ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ලොම්බාඩියා කලාපයේ පමණක් මිලියන 10ක පමණ ජනතාවක් වාසය කරන අතර ඔවුන්ට හදිසි අවස්ථාවකදී හැර නගරවලින් පිටව යාමට හෝ ඇතුළුවීම තහනම් කර තිබේ.

ඉතාලියේ වාණිජ කේන්ද්‍රස්ථානය වන මිලාන් නගරය අයත් වන්නේද ලොම්බාඩියා කලාපයටයි.

සෙසු පළාත් 14 එක්ව ගත්විට මිලියන 16 ක් පමණ ජනතාවකට අදාළ නගරවලට රැඳී සිටීමට සිදුවන අතර ඉතාලි රජයේ නියෝග අනුව ඔවුන්ට නිරෝධායන කටයුතු සඳහා යොමු වීම අනිවාර්යය වනු ඇති.

හැකි තරම් නිවෙස් තුළටම වී සිටින්නැයි උපදෙස් ලබාදී ඇති අතර නිරෝධායනය කඩ කරන්නන්ට මාස 03ක සිරදඬුවම් විඳීමටද සිදුවන බව විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙයි.

ලොව ඉහළ සංචාරක ආකර්ෂණයක් දිනාගෙන ඇති වැනිස් නගරයද වසාදැමුණු පළාත් අතරට අයත්.

පොදු ස්ථානවලට අමතරව සිනමා ශාලා,රාත්‍රී සමාජ ශාලා,කාය වර්ධන මධ්‍යස්ථාන,පිහිනුම් තටාක,හිම ක්‍රීඩා ස්ථාන ආදියද වසා දමා ඇත.

විවාහ සහ අවමංගල්‍ය උත්සව මෙන්ම ආගමික සහ සංස්කෘතික උත්සවද තාවකාලිකව කල්දැමීමට ඉතාලි රජය උපදෙස් ලබාදී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන්.

අවන්හල් පෙරවරු 6.00 සිට පස්වරු 6.00 දක්වා විවෘත කර තැබීමට අවසර ලබාදී ඇති නමුත් එහි පැමිණෙන්නන් එකිනෙකාට මීටරයක් පමණ ඈතින් සිටිය යුතු බවද ඉතාලි නිරෝධායන උපදෙස්වල සඳහන්.

ඉතාලියේ වෛරසය ආසාදිතවූවන් අතර එරට ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායකයා වන නිකෝලා සින්ගාර්ටිද වෙයි.

ලොව පුරා රටවල් 93 කින් අද වනවිට කොරෝනා ආසාදිතයින් වාර්තා වන අතර මෙතෙක් වාර්තා වූ සමස්ත ආසාදිතයින් ගණන එක්ලක්ෂ හයදහස ඉක්මවා ඇත.

සමස්ත මරණ ගණන 3600ක්.

චීනයේ, මරණ සංඛ්‍යාව 3100ක් වන අතර ආසාදිතයින් ගණන 80,859 ක්.

ඒ අතර චීනයේ ෆුජියැන් පළාතේ නිරෝධායන මධ්‍යස්ථානයක් සඳහා යොදාගෙන තිබූ හෝටල් ගොඩනැඟිල්ලක් කඩාවැටීමෙන් පුද්ගලයින් සිව්දෙනෙකු මියගොස් ඇතැයි වාර්තා වෙයි.

සුන්බුන් තුළ සිරවී සිටි පුද්ගලයන් 40කට වැඩි පිරිසක් මේ වන විට මුදාගෙන ඇති අතර තවත් 29 දෙනෙකු පමණ අතුරුදන්ව ඇතැයිද සඳහන්.

නව කොරෝනා වෛරසයෙන් දකුණු කොරියාවෙන් මරණ 47 ක් සහ ජපානයෙන් මරණ 13 ක් වාර්තා වුණි.

කොරෝනා වෛරසයෙන් මැදපෙරදිග කලාපයේ බලපෑම එල්ලවී ඇත්තේ ඉරානයටයි.

ඉරානයෙන් වාර්තාවන මරණ සංඛ්‍යාව 145 ක්.

කොවිඩ් වෛරසයෙන් අමෙරිකාවේ සිදුවූ පුද්ගල මරණ සංඛ්‍යාව 19 දක්වා ඉහළ යෑමත් සමග නිව්යෝර්ක් නගරයටත් හදිසි තත්ත්වයක් ප්‍රකාශ කර ඇත.

මේ අතර නිරෝධායනයට ලක්කර තිබූ ඊජිප්තු නෞකාවකින් තවත් කොරෝනා ආසාදිතයන් 33දෙනෙක් හමුවී ඇත්තේ එම නෞකාවෙන් හමුවූ මුලු ආසාදිතයන් ගණන 45 දක්වා ඉහළ දමමින්.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න