Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

මහ ඡන්දය කල් යන ලකුණු

|Wed,11 March 2020|Special| Page Views :

කෝවිඩ්-19 වෛරසය ව්‍යාප්ත වීම හේතුවෙන් මහ මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිර්දේශ මත අවසන් තීරණයක් ගැනීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත.

සෞඛ්‍ය අමාත්‍යාංශය සහ මැතිවරණ කොමිසන් සභාව මේ පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ලබන සතියේදී පැවැත්වීමට නියමිතව ඇත.

කොරෝනා කෝවිඩ් -19 වෛරසය ව්‍යාප්ත වීම නිසා මතු වන ගැටලු පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශය සහ මැතිවරණ කොමිසන් සභාව පසුගිය සතියේදී සාකච්ඡාවක් පවත්වා තිබේ. එහිදී මැතිවරණ රාජකාරියේ නිරත වන නිලධාරීන් සඳහා අවශ්‍ය මුඛ ආවරණ, අත් ආවරණ අවශ්‍ය තරම් තොග ආනයනය කිරීමට තීරණය කර ඇත.

ලෝකයේ රටවල් 90ක පමණ කොරෝනා වෛරසය ව්‍යාප්ත වී තිබේ. ඇතැම් රටවල වෛරසය ශීඝ්‍ර ලෙස ව්‍යාප්ත වෙයි. ලබන සතිය වන විට ශ්‍රී ලංකාවේ පවතින තත්ත්වය මත මැතිවරණ කොමිසන් සභාවට අවශ්‍ය නිර්දේශ ලබාදෙන බව වසංගත රෝග විද්‍යා අංශයේ අධ්‍යක්ෂ සුදත් සමරවීර පවසයි.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න