Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ඉන්දියාවේ සිටි වන්දනාකරුවන් 98ක් අදත් දිවයිනට

|Sun,22 March 2020|Special| Page Views :

මෙරටට පැමිණීමට නොහැකිව ඉන්දියාවේ රැදී සිටි ශ්‍රී ලාංකික වන්දනාකරුවන් පිරිසක් රැගත් තවත් ශ්‍රී ලංකන් ගුවන් යානයක් අද(22) අළුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි බව අද දෙරණ වාර්තාකරු පවසයි.

මෙම පිරිස අද අළුයම 3.2ට ඉන්දියාවේ චෙන්නායි සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 126 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.

එම ගුවන් යානයෙන් පිරිමි වන්දනාකරුවන් 28 දෙනෙක් ද, ගැහැනු වන්දනාකරුවන් 69 දෙනෙකු සහ එක් කුඩා දරුවෙකු ද ඇතුළත් 98 දෙනෙකුගෙන් සමන්විත වන්දනාකරුවන් පිරිසක් පැමිණ සිටි බව වාර්තා වෙයි.

මෙම පිරිස නීරෝධායන කටයුතු සදහා ශ්‍රී ලංකා යුද හමුදාව බස් රථ යොදා ගෙන නියමිත මධ්‍යස්ථාන වෙත රැගෙන යෑම සිදු කෙරුණි.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න