Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

අනුරාධපුර බන්ධනාගාර සිද්ධියට සම්බන්ධ 40ක් හඳුනා ගැනේ

|Sun,22 March 2020|Special| Page Views :

අනුරාධපුර බන්ධනාගාරයේ ඊයේ (21) පැවති නොසන්සුන්තාවට සම්බන්ධ රැඳවියන් 40 දෙනෙකු මේ වනවිට හදුනාගෙන තිබෙනවා.

ඔවුන්ට එරෙහිව ඉදිරියේදී අධිකරණය හමුවේ නඩු පැවරීමට කටයුතු කරන බවයි බන්ධනාගාර ආරංචි පැවසුවේ.

මෙම නොසන්සුන්තාව මෙහෙයවූ පිරිස් වෙනත් බන්ධනාගාරවලට මාරු කිරීමටද බන්ධනාගාර දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. ඊට අවශ්‍ය පියවරද මේ වනවිට ගනිමින් සිටින බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ.

මේ අතර අනුරාධපුර බන්ධනාගාරයේ අමතර ආරක්‍ෂාව සඳහා කොළඹින් බන්ධනාගාර නිලධාරීන් කණ්ඩායමක් පිටත් කර හැර තිබෙනවා. බන්ධනාගාර කොමසාරිස්වරයෙකු, බන්ධනාගාර බුද්ධි නිලධාරීන් ඇතුළු පනස් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ඊයේ රාති‍්‍රයේම පිටත් කර හැරීමට කටයුතු කළ බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ.

බන්ධනාගාරයෙන් පිටත ආරක්‍ෂාව සඳහා පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් සහ පොලිස් නිලධාරීන් තවදුරටත් යොදවා සිටිනවා.

ඊයේ ඇති වූ නොසන්සුන්තාව අතරතුර රැදවියන් පිරිසක් පලායාමට තැත් කර තිබූ අතර ඔවුන් විසින් බන්ධනාගාර තාප්පයේ එක් ස්ථානයක් සිදුරු කර තිබූ බවයි බන්ධනාගාර ආරංචි පැවසුවේ.

ඊයේ පස්වරුවේ සිදුවූ නොසන්සුන්තාවයේදී පලායාමට තැත් කළ රැදවියන් දෙදෙනෙකු බන්ධනාගාර නිලධාරීන්ගේ වෙඩි පහරින් මියගියා. තුවාල ලැබූ තවත් රැදවියන් 6 දෙනෙකු මේ වනවිට අනුරාධපුර මහ රෝහලේ ප‍්‍රතිකාර ලබන්නේ බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්‍ෂාව මධ්‍යයේයි.

මියගිය රැදවියන් දෙදෙනාගේ පශ්චාත් මරණ පරීක්‍ෂණය අද (22) පෙරවරුවේ පැවැත්වුණා. සියළු රැදවියන් අද පෙරවරුවේ සිරමැදිරිවලින් එළියට රැගෙන ඔවුන්ට උදෑසන ආහාර වේල ලබාදුන් බවයි අනුරාධපුර බන්ධනාගාරයේ ප‍්‍රකාශකයෙකු පැවසුවේ.

කෙසේවෙතත් මහේස්ත‍්‍රාත් පරීක්‍ෂණය පැවැත්වීමට නියමිත බැවින් එය අවසන් වනතෙක් රැදවියන් සියළු දෙනා සිරමැදිරිවල රදවා තබන බවයි බන්ධනාගාර ආරංචි වැඩිදුරටත් පැවසුවේ.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න