Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

මුදල් භාවිතයෙන් කොරෝනා වැළදෙයිද?

|Mon,23 March 2020|Special| Page Views : 61

අලුත් පුවත්
ඇමෙරිකාවේ ජීවිත 389ක් බිලි ගනියි
ඕනෑම හදිසි අවස්ථාවකට මත්තල සූදානම්
යාපනේ දේවමෙහෙයට ගිය දෙදෙනෙක් සැකපිට වව්නියා රෝහලට
උණ හැදුන ගාල්ල බන්ධනාගාරයේ රැදවියන් 4 ක් කරාපිටියට
ඩීසල්-පෙට්‍රල් රැගත් පළමු දුම්රිය පිටත් වෙයි
ඉන්දියාවේ නගර 80ක් වසාදමයි
බැංකු විවෘතව තබන ලෙස රජය දැනුම් දෙයි
 
නව කොරෝනා වෛරසය වායුගෝලයේ සජීවීව පවත්නා කාලය මෙතෙක් නිශ්චිත වශයෙන් තහවුරු කරගෙන නොමැත.

කෙසේ වෙතත්, ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ මෙතෙක් සිදුකර ඇති අධ්‍යයනයන්ට අනුව එම වෛරසය පැය කිහිපයක් හෝ දින කිහිපයක් දක්වා සජීවීව පැවතීමේ හැකියාවක් ඇති බවය.

එම වෛරසය සජීවීව පැවතීමේ කාලය සාධක කිහිපයක් මත රදා පවතී.ඒ අදාළ ස්ථානයේ මතුපිට ස්වභාවය, පරිසර උෂ්ණත්වය , පරිසරයේ ආර්ද්‍රතාව මතය.

මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේ මහජන සෞඛ්‍ය පිළිබද නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය පබා පළිහවඩන පවන්නේ “තම තමන්ගේ පිරිසුදුකම ගැන සැලකිලිමත් වීම වැදගත් වන බවයි.නමුත් මුදල් සංසරණයෙන් හෝ ATM කාඩ් භාවිතයෙන් වෛරසය ආසාදනය වන බවට මෙතෙක් තහවුරු වෙලා නැහැ. වෛරසයක් ආසාදනය වෙන්න ලොකු මාත්‍රාවක් ශරීරගත විය යුතුයි”.

“මේ නිසා අනවශ්‍ය බියක් ඇති කර නොගත යුතුයි. අපේ රටේ තියෙන උෂ්ණාධික තත්ත්වය නිසා වෛරස් වැඩි කාලයක් සජීවීව තිබීමේ ඉඩකඩ අඩුයි ” වෛද්‍ය පබා පළිහවඩන පෙන්වා දෙයි.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න