Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

අද, හෙට සහ අනිද්දා කොටස් වෙළෙඳපොළ වැසේ

|Wed,25 March 2020|Special| Page Views : 32

අලුත් පුවත්
ඇඳිරි නීතිය කඩ කළ 3700 පිරිසක් අත්අඩංගුවට
COVID-19 - විශේෂ G 20 සමුළුවක් කැඳවයි
845 ‌දෙනෙකු ස්වයං නිරෝධායනයට
කොවිඩ් වැළැක්වීමේ අවස්ථාව ඇමෙරිකාවට මගහැරුණා-බිල්
ලොව පුරා කොරෝනා ආසාදිතයන් ලක්ෂ හතර ඉක්මවයි
ඉතාලියේ ඉන්න ලංකාවේ 8කට කොරෝනා
ඉතාලියේ කොරෝනා මරණ සංඛ්‍යාව 6000 ඉක්මවයි
මධ්‍යම පළාත් ආණ්ඩුකාරධුරය එයාර් චීෆ් මාර්ෂල් රෝෂාන් ගුණතිලකට
 
කොළඹ, ගම්පහ සහ පුත්තලම යන් දිස්ත්‍රික්කවලට පනවා ඇති ඇඳිරි නීතිය නැවත දැනුම් දෙනතුරු දීර්ඝ කිරීම හේතුවෙන් 2020 මාර්තු 25, 26 සහ 27 දින කොළඹ කොටස් වෙළෙඳපොළ වසා තැබීමට තීරණය කර ඇත.

කොටස් වෙළෙඳපොළ ප්‍රධාන නියාමන නිලධාරී රේණුක විජයවර්ධන විසින්, කොටස් වෙළෙඳපොළ තැරැව්කාර ආයතන වෙත මේ දැනුම් දෙමින් මාර්තු 25 සිට 27 දක්වා කොටස් වෙළෙඳපොළ නිවාඩු දින වශයෙන් නම් කර ඇති බව නිවේදනය කරයි.

මෙම සතියේ සඳුදා (23) සහ අඟහරුවාදා (24) දිනයන් ද කොටස් වෙළඳපොළ, ගනුදෙනු සඳහා විවෘත කෙරුණේ නැත. මේ අනුව සතියක් පුරාවට කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු සඳහා විවෘත නොවන්නේ ඉතිහාසයේ පළමු වරටයි.

අවසාන වරට පසුගිය මාර්තු 20 දින පැය 2 ක කාලයකට පමණක් කොළඹ කොටස් වෙළෙඳපොළ විවෘත කෙරෙනු අතර, එයින් ද මිනිත්තු 30 ක කාලයක් මිල දර්ශක පහළ යාම විශාල වූ හෙයින් දෛනික ගනුදෙනු අත්හිටුවනු ලැබුණි.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න