Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

කොන්දේසි මත ‘ජිම්’ අරින්නත් අවසර

|Wed,20 May 2020|Special| Page Views :

දිවයින පුරා පිහිටි ශාරිරික යෝග්‍යතා මධ්‍යස්ථාන (ජිම්) පන්දහසක් කඩිනමින් විවෘත කිරීම සඳහා සෞඛ්‍ය නිර්දේශ නිකුත් කරන බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි පවසයි.

ජාතික සුදුසුකම්ලාභී ශාරීරික යෝග්‍යතා උපදේශකයන්ගේ සභාව සහ සෞඛ්‍ය අමාත්‍යවරිය අතර ඊ​යේ (19 වැනිදා) සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවකදී ඇය මේ බව ප්‍රකාශ කර තිබේ.

සෞඛ්‍ය නිර්දේශ මත ශාරීරික යෝග්‍යතා මධ්‍යස්ථාන නිකුත් කිරීමේ යෝජනාවලිය උපදේශකයන්ගේ සභාවේ සභාපති සුදත් ගෝඨාභය අමාත්‍යවරියට භාරදී ඇත.

ශාරීරික යෝග්‍යතා මධ්‍යස්ථාන වසා තැබීම හේතුවෙන් ඒවායින් යැපුණු විසිදහසක් පමණ පීඩාවට පත්ව සිටින බව සභාපතිවරයා පෙන්වා දෙයි.

මුඛ ආවරණ පැලඳීම, අත් සේදීම, සමාජ දුරස්ථභාවය, විෂ බීජහරණය, කලින් වෙලාව වෙන් කරවා ගෙන පාරිභෝගිකයන් ඇතුළු කර ගැනීම ඇතුළු සෞඛ්‍ය​ යෝජනා රැසක් ලබා දී ඇත.

මෙම යෝජනා පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශයේ යෝජනාවන්ද සලකා බලා සෞඛ්‍ය නිර්දේශ සකස් කරන බව සෞඛ්‍ය අමාත්‍යවරිය ප්‍රකාශ කළාය. ඒ සඳහා ලබන සිකුරාදා තවත් සාකච්ඡාවක් පැවැත්වීමටද නියමිතය.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න