Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

බස් මගීන්ට අලුත් මොබයිල් ඇප් එකක්

|Mon, 05 July 2020|Security| Page Views :

මගී ප්‍රවාහන බස් රථ පිළිබඳ තොරතුරු ඇතුළත් mybuslk නමින් ජංගම දුරකථන යෙදවුමක් ජාතික ගමනාගමන කොමිසම මගින් දියත් කිරීමට නියමිතය. එම ජංගම දුරකථන යෙදවුම දියත් කිරීම හෙට ( 07) කොළඹ දී සිදු කෙරේ. එම ජංගම දුරකථන යෙදවුම ජාතික ගමනාගමන කොමිසමේ කළමනාකරණ සහකාරවරයෙක් ලෙස කටයුතු කරන නුවන් සෙනෙවිරත්න මහතා විසින් සිය මුදල් වැය කර නිර්මාණය කර ඇත.

මෙම ජංගම දුරකථන යෙදවුම භාවිතයෙන් බස් රථයක ගමන් ආරම්භය හා ගමනාන්තයට ළඟා වීමට නියමිත වේලාව, සහ මගීන් බස් රථයට ගොඩ වෙන ස්ථානයේ සිට ගමනාන්තය දක්වා නියමිත බස් ගාස්තුව දැනගත හැකිය.

එසේම තමන් ගමන් ගත යුතු බස් රථය ඒ් මොහොතේ පවතින ස්ථානය, අන්තර්ජාලය හරහා මගී පැමිණිළි ඉදිරිපත් කිරීමට ඇති පහසුව, සහ ප්‍රවේශපත්‍ර වලට ගෙවීම් කටයුතු කාඩ් පතක් මගින් ගෙවීමට ඇති පහසුකම් සැළසීම ආදි සියලු පහසුකම් මෙම යෙදවුමේ අන්තර්ගත වේ.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න