Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

'අංගොඩ ලොක්කා' ඉන්දියාවේදී ජීවිතක්ෂයට

|Mon, 03 Aug 2020 |Security| Page Views :

මෙරට සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන ලසන්ත චන්දන පෙරේරා නොහොත් 'අංගොඩ ලොක්කා' ඉන්දියාවේදී ජීවිතක්ෂයට පත්ව ඇති බව සනාථ වී ඇති බව එරට ප්‍රධාන පුවත් වෙබ් අඩවි කිහිපයක් වාර්තා කර ඇත. අද නිව් ඉන්දියන් එක්ස්ප්‍රස් සහ ද හින්දු යන පුවත් වෙබ් අඩවි අංගොඩ ලොක්කාගේ මරණය පිළිබඳව මෙලෙස වාර්තාකර තිබුණි.

'අංගොඩ ලොක්කා' පසුගිය මස 03 වනදා ජීවිතක්ෂයට පත්ව ඇති බවත් ඔහුගේ අවසන් කටයුතු මේ වනවිට සිදුකර ඇති බවයි එම පුවත් වෙබ් අඩවි වැඩිදුරටත් සඳහන් කර ඇත. කොයිම්බතුර් පොලිසිය විසින් සිදුකළ විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ 'අංගොඩ ලොක්කා' ඉන්දියාවේ ජීවත්ව ඇත්තේ ආර්. ප්‍රදීප් සිං යන ව්‍යාජ නමකින් බවයි.

අංගොඩ ලොක්කා'ගේ මරණය සහ ඔහුට ව්‍යාජ ඉන්දීය හැඳුනුම් පතක් සකසාදීම යන සිද්ධීන්ට අදාලව ශ්‍රී ලාංකික කාන්තාවන් ඇතුළු තිදෙනෙකු එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව ඉන්දීය පුවත් වෙබ් අඩවි වැඩිදුරටත් පවසති. මේ අතර කිසියම් විෂක් ශරීර ගතකර 'අංගොඩ ලොක්කා' ඝාතනය කර ඇති බවටද පසු ගියදා වාර්තා පලවුණාය. කෙසේ වෙතත් මොහුගේ මරණයට හේතු තවමත් අනාවරණය වී නොමැති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න