Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

පළමු ඡන්ද ප්‍රතිඵලය පස්වරු 2න් පසු

|Thu, 06 Aug 2020 |Security| Page Views :

2020 පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව ඡන්ද ගණන් කිරීමේ කටයුතු මධ්‍යස්ථාන 77ක දී අද (06) ආරම්භ විමට නියමිතව තිබේ. මැතිවරණ දිස්ත්‍රික්ක 22කට අදාළව ඡන්ද ගණන් කිරීමේ කටයුතු ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 09 වන පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරු තෝරා පත් කර ගැනීම වෙනුවෙන් පැවැති ඡන්ද විමසීමේ කටයුතු ඊයේ (05) පස්වරු 5.00ට අවසන් වුණාය. මෙවර මැතිවරණ දිස්ත්‍රික්ක 22 සඳහා අපේක්ෂකයින් 7452 දෙනෙකු පිළිගත් දේශපාලන පක්ෂ 20ක් සහ ස්වාධින කණ්ඩායම් 34ක් නියෝජනය කරමින් ඉදිරිපත්ව සිටින අතර ඉන් මන්ත්‍රිවරුවන් 196 දෙනෙකු පාර්ලිමේන්තුවට තෝරා පත් කර ගැනීමට නියමිතය.

ඊයේ පැවති පාර්ලිමේන්තු ඡන්ද විමසීමේදී සියයට 71ක ප්‍රතිශතයක් ඡන්දය ප්‍රකාශ කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කළේය. පාර්ලිමේන්තු මැතිවරණයේ පළමු ඡන්ද ප්‍රතිඵලය අද පස්වරු 2.30ත් 3.30ත් අතර කාලය තුළ ලබාදීමට අපේක්ෂා කරන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

මේ අතර දිස්ත්‍රික්ක මට්ටමින් ඡන්ද ගණන් කිරීමේ කටයුතු ආරම්භ කිරීම සඳහා මේ වන විට සියලු කටයුතු සූදානම් කර තිබේ. දිස්ත්‍රික්ක තේරීම් භාර නිලධාරිවරුන් සඳහන් කළේ දේශපාලන පක්ෂවල නියෝජිතයින්ගේ අධීක්ෂණය යටතේ සියලු ඡන්ද පෙට්ටි විවෘත කිරීම සිදු කරන බවය.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න