Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

නෙදර්ලන්ත විශේෂඥයින් පිරිසක් අද දිවයිනට

|Sun, 06 September 2020|Security| Page Views :

බොරතෙල් රැගෙන යාත්‍රා කරමින් සිටියදී ගිනි ගැනීමට ලක්වූ එම්.ටී.නිව් ඩයමන්ඩ් නෞකාව අයත් සමාගමේ මැදිහත් වීම මත දස දෙනෙකුගෙන් සමන්විත බ්‍රිතාන්‍ය සහ නෙදර්ලන්ත විශේෂඥයින් කණ්ඩායමක් අද දිවයිනට පැමිණීමට නියමිතව තිබේ. ඔවුන් මත්තල මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපලින් දිවයිනට පැමිණෙන අතර, එම පිරිසට මුදවා ගැනීමේ මෙහෙයුම් විශේෂඥයින්, ආපදා තක්සේරුකරුවන් සහ නීති උපදේශකයෙකු ද ඇතුළත්ය.

මෙම විශේෂඥ කණ්ඩායම නාවික හමුදාව මගින් කල්මුණේ සිට වේග ප්‍රහාරක යාත්‍රාවක් යොදා ගනිමින් ආපදාවට පත් නෞකාව පිහිටි මුහුදු ප්‍රදේශය වෙත රැගෙන යාමටයි සැලසුම් කර ඇත. ගොඩබිම සිට නාවික සැතපුම් 40ක් පමණ දුරින් වූ ගැඹුරු මුහුදේ රඳවා ඇති එම්.ටී.නිව් ඩයමන්ඩ් නෞකාවේ ගින්න පැතිරීම මේ වනවිට පාලනය කර ඇති අතර, තවදුරටත් ගින්න නිවීමේ කටයුතු සිදුවේ.

ඒ සඳහා නාවික හමුදාවේ සමුදුර, සිදුරල, සහ උදාර යන නෞකා එක්ව ඇති අතර, ඉන්දියාවේ නෞකා 6ක් ද ඊට එක්ව සිටි. එසේම, ටග් යාත්‍රා 4ක්, වෙරළාරක්ෂක බලකායේ නෞකා 2ක් සහ ඩෝරා යාත්‍රා 3ක් ද තවදුරටත් ගින්න පාලනය කිරීමේ මෙහෙයුම් වල නිරත වන බව සඳහන්ය.ඉන්දීය වෙරළාරක්ෂක බලකාය සඳහන් කළේ නෞකාවෙන් තෙල් කාන්දුවක් වැළැක්වීම දැන් සිදු කෙරෙන මෙහෙයුමේ ප්‍රධාන අරමුණක් බවයි.

එවැනි තෙල් කාන්දුවක් සිදුවුවහොත් එය මාලදිවයින ඇතුලූ ඉන්දීය සාගරයේ රටවල් රැසකට බලපෑමක් සිදුකළ හැකියි. එම්.ටී. නිව් ඩයමන්ඩ් නෞකාවේ ගින්න පාලනය කිරීමෙන් විශාල පාරිසරික ආපදා තත්ත්වයක් වැළැක්වීමට හැකිවූ බව ඉන්දීය වෙරළාරක්ෂක බලකාය වැඩිදුරටත් සඳහන් කළාය.

මේ අතර නෞකාවේ ගින්න මැඩපැවැත්වීම සඳහා නිසි වේලාවට ක්‍රියාත්මක වූ ශ්‍රී ලංකා නාවික හමුදාව, ගුවන් හමුදාව, වරාය අධිකාරිය සහ ඉන්දීය නාවික බලකාය ඇතුලූ සියල්ලන්ටම තුති පුද කරන බවයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කළේය.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න