Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

විද්‍යාවට වැරදී ඇති බව ජනපති ට්‍රම්ප් කියයි

|Tue, 15 September 2020|Miscellaneous| Page Views :

ඇමරිකාවේ ලැව්ගිනි පැතිරීමට හේතුව කාලගුණ වෙනස නොව දුර්වල වනාන්තර කළමනාකරණය බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනු ඇත. ඔහු මේ බව ප්‍රකාශ කළේ කැලිෆෝනියාවේ ලැව්ගිනිවලින් විනාශ වූ ප්‍රදේශවල සංචාරයක නිරතවෙමිනි. කැලිෆෝනියාවේ පමණක් නොව ඔරිගන් සහ වොෂින්ටන් ප්‍රාන්තවල හෙක්යාර මිලියන දෙකකට වැඩි ප්‍රමාණයක් මේ වනවිට ලැව්ගිනිවලින් විනාශ වී ඇති අතර, අගෝස්තු මාසයේ මුල සිට මේ දක්වා ජීවිත හානි 35 ක්ද වාර්තා වේ.

ජනපති ට්‍රම්ප් වැඩිදුරටත් සඳහන් කළේ ප්‍රදේශයේ කාලගුණය දැන් සිසිල් වෙමින් පවතින අතර, එය සැබවින්ම විද්‍යාව තුළින් දැනගැනීමට නොහැකි විය හැකි බවයි. කෙසේ නමුත් ලෝක කාලගුණ වෙනස ප්‍රතික්ෂේප කරන ජනපති ට්‍රම්ප් මෙවර ඇමරිකානු ජනාධිපතිවරණයේ ඔහුගේ ඩිමොක්‍රටික් පක්ෂ ප්‍රතිවාදියා වන ජෝ බයිඞ්න්ගේ දැඩි විවේචනයට ලක්වුණාය.

ජනපති ට්‍රම්ප් ගිනි තබන්නෙකු ලෙස හැඳින්වූ ඔහු කියා සිටියේ ඉදිරි වසර හතර සඳහාත් ට්‍රම්ප් බලයට පත්වුවහොත් ඇමරිකාවේ තවදුරටත් ලැව්ගිනි ඇවිලෙනු ඇති බවයි.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න