Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ලග්ගල ප්‍රා ස සභාපති අත්අඩංගුවට

|Wed, 16 September 2020|Miscellaneous| Page Views :

සූදු ක්‍රීඩාවේ නිරත වෙමින් සිටි ලග්ගල ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඇතුළු 8 දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ. ලග්ගල පොලීසියට ලැබුණු තොරතුක් මත ඊයේ (15) අලුයම 2.30ට පමණ එම පිරිස අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තාකරු පැවසීය.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, ලග්ගල ප්‍රාදේශීය සභාවේ සභාපති බුද්ධික සේනාරත්න මහතා ඇතුළු පිරිසක් බවත්, ඔවුන් සතුව තිබී රුපියල් 24,000කට වැඩි මුදල් ප්‍රමාණයක් ද පොලිස් භාරයට ගෙන ඇති බවත් වාර්තා වේ.

ප්‍රාදේශීය සභා සභාපතිවරයා අත්අඩංගුවට පත්වීමෙන් පසුව එම ස්ථානයෙන් පළා යෑමට සහ නඩු පැවරීමකින් තොරව මුදා හැරීම සඳහා විවිධ බලපෑම් සහ ඉල්ලීම් කළ බවද, පොලීසිය සඳහන් කළේය.

මේ අතර ප්‍රාදේශීය සභා සභාපතිවරයා සමග අත්අඩංගුවට පත් එක් පුද්ගලයෙකු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් එකයි මිලිග්‍රෑම් 221 ප්‍රමාණයක් ද සොයා ගෙන ඇති බව වාර්තා වේ.

එලෙස හෙරොයින් සමග අත්අඩංගුවට ගෙන ඇත්තේ හෙරොයින් සහ ගංජා ජාවාරම්කරුවෙකු වන සුරංග දිසානායක නොහොත් “යකා“ නැමැති අන්වර්ත නාමයෙන් හඳුන්වන පුද්ගලයෙකි.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න