Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

අනියම් සම්බන්ධතාවය දෙදරයි

|Wed, 23 September 2020|Miscellaneous| Page Views :

තරුණියකගේ ගෙළට පියෙන් ඇන විවාහක තරුණයෙක් ගෙල වැලලාගත් පුවතක් මැදිරිගිරිය ප්‍රදේශයෙන් වාර්තා ‍වේ. අදාළ තරුණිය සමග මෙම විවාහක පුද්ගලයා අනියම් සම්බන්ධතාවක් පවත්වාගෙන ගොස් ඇති අතර ඔවුන් අතර ඇති වූ බහින් බස් වීමක් දුරදිග යාම හේතුවෙන් තරුණයා විසින් තරුණියගේ ගෙළ ප්‍රදේශයට පිහියෙන් ඇන ඇති බවයි මැදිරිගිරිය පොලිසිය ප්‍රකාශ කළේය.

පසුව විවාහක තරුණයා සිය ගෙවත්තේදී සිය ගෙල වැලලාගෙන ඇති බවයි පොලිසිය වැඩිදුරටත් ප්‍රකාශ කළේය. මියගිය තරුණිය වයස අවුරුදු 26ක් වන අතර මියගිය විවාහක තරුණයාගේ වයස අවුරුදු 28ක් වේ. මැදිරිගිරිය පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වන බවයි අප වාර්තාකරු සඳහන් කළේය.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න