Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

අසාර්ථක හර්තාල වියරුව……

|Tue, 29 September 2020|Security| Page Views :

උතුරු හා නැගෙනහිර දමිළ දේශපාලන පක්ෂ විසින් මියගිය එල්ටීටීඊ තිලීපන්ගේ 33 වන සැමරැම අරමුණු කර ගනිමින් යාපනය චාවකචිචෙරි ප්‍රදේශයේ ශිවන් කෝවිල ඉදිරිපිට 2020.09.26 දින සිදුකළ උපවාසයේ අරමුණ කුමක් ද? සරලවම කිවහොත්, ඔවුන් මියගිය එල්ටීටීඊ සෙවනැලි හාරා අවුස්සමින් ඔවුන් වටා මිනිසුන් පෙළ ගැස්වීමට දරන පුහු උත්සාහයකි. කවුද මේ එල්ටීටීඊ තිලීපන්? තිලීපන් මියගිය එල්ටීටීඊ සාමාජිකයෙක් වගේම මොහු උපවාසයක් අතරතුර මියගිය අයෙකි. මොහු උපවාසය පැවැත්වුයේ එල්ටීටීඊයේ ඉල්ලීම් 5 ට ඇහුම්කන් නොදීම නිසා ඉන්දියාවට එරෙහිවයි. කෙසේ වෙතත් තිලිපන් යනු තම අභිමථාර්තයන් ඉටුකර ගත නොහැකි ව ජ්‍යාතයන්තර වශයෙන් ප්‍රතික්ශේප වු තවත් ත්‍රස්තවාදියෙක් පමණි. එල්ටීටීඊය පරාජයෙන් පසු මෙතෙක් කල් මරනබියේ සැග වී සිටි දමිල දේශපාලඥයින් නැවත හිස ඔසවන්නේ මියගිය එල්ටීටීඊ සෙවනැලි අතරින් බව නොරහසකි.

දමිළ ජනතාවටම උපහාසයක් වී ඇති මෙම නාටකයේ තිර රචකයන් වන්නේ දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශ්‍රීධරන්, හිටපු පාලිමේන්තු මන්ත්‍රි මවෙයි සේනධිරසා, එන්. ශ්‍රීකාන්තා, සුරේෂ් ප්‍රේමචන්ද්‍රන්, ඊ. සරවනපවන්, හිටපු පළාත් සභා මන්ත්‍රී බී. ගජදීපන්, එම්.කේ. සිවජිලිංගම් සහ හිටපු උතුරු පළාත් සභා සභාපති සීවීකේ සිවඤානම් ය.

මෙහි මුලිකත්වයක් ගෙන කටයුතු කල පුද්ගලයින්ගෙන් වැඩි පිරිසක් පසුගිය මැතිවරණ වලදි පරාජයට ලක් වු පුද්ගලයින් වන අතර විශේෂයෙන් හිටපු පාලිමේන්තු මන්ත්‍රි මවෙයි සේනධිරසා, සුරේෂ් ප්‍රේමචන්ද්‍රන්, ඊ. සරවනපවන් සහ හිටපු උතුරු පළාත් සභා මන්ත්‍රී එම්.කේ. සිවජිලිංගම් ඒ අතර කැපි පෙනෙන චරිතයන් ය. තවද හිටපු පාලිමේන්තු මන්ත්‍රි මවෙයි සේනධිරසා විසින් ඉලංගෙයි තමිල් අරැසුකචිචි පක්ෂය ප්‍රධාන තනතුරක් හෙබවුවද දමිළ ජනතාවගේ මුලික අවශ්‍යතාවන් සපුරාලීමට ඔහුගේ ඇති නොහැකියාව හේතුවෙන් පසුගිය මැතිවරණයේ දී ඔහු ලැබු දරැණු පරාජයෙන් පිළිබිඹු වන්නේ උතුරේ දමිළයින් විසින් ඔහුව තරයේ ප්‍රතික්ශේප කිරිමයි. මීට අමතරව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් ද මගනොහැරිය හැකි ජඩ දේශපාලනික චරිතයකි. ඔහු එවකට ආයුධ සන්නද්ධ කල්ලි සමග එක්ව උතුරේ අහිංසක දමිළ ජනතාව අමු අමුවේ ඝාතනය කළ අතර අදටත් මොහුව හදුන්වන්නේ “ මන්ඩෙයන්” යනුවෙනි. මීට හේතුව යාපනයේ අහිංසක දමිළ ජනතාවගේ හිසට වෙඩිතබා ඝාතනය කිරිමයි. තවද මොහු මැතක දී පැවැත් වු මැතිවරණයන් වල දි එකපිට එක පරාජයට පත්විමෙන් පෙනි යන්නේ දමිළ ජනතාවගේ සිත් තුළ මොහු කෙරෙහි කෙතරමි අප්‍රසාදයක් පවතින්නේ ද යන්නයි.

මෙම දේශාපාලඥයන්ගේ දැක්ම අනුව තිලිපන් විරයෙක් වන්නේ ඔවුන්ගේ පටු දේශපාලනික අදහස් මුදුන් පත් කරගැනිමට මොහුගේ නාමය යොදාගත හැකි නිසාවෙනි. තිස් වසරක යුධ නිමාවෙන් පසු රට සාමකාමිව පවතින සමයක රටෙ ස්වෛරිත්වය හා සාමකාමිත්වයට බාධා පමුණුවන ආකාරයට ක්‍රියාකරන මෙම දේශපාලඥයින්ගේ යටි අරමුණ වන්නේ දමිළ ජනතාවට සෙත සැලසීම නොව උතුරු හා නැගෙනහිර වෙසෙන දමිළ ජනතාව නොමග යවමින් තම පෞද්ගලික දේශපාලන අභිමතාතයන් ඉටුකර ගැනිම පමණි. කෙසේ වෙතත් දමිළ ජනතාව සාමකාමි බව අගයන පිරිසක් වන නිසාවෙන් මෙම දේශාපාලඥයන්ගේ පටු දේශාපාලන අරමුණයන්ගේ ඉව ඔවුනට ද දැනි ඇති බව නොඅනුමානයි.

මීට සමිබන්ධ බොහෝ දමිළ දේශාපාලඥයන් උතුරු හා නැගෙනහිර ජනතාව ප්‍රතික්ෂේප කරනු ලැබු පිරිසකි. දිනෙන් දින කාලය ගෙවි ගිය ද වරක් තමා මුහුන දුන් මරණබිය අමතක වන කිසිවෙකු මෙලොව නොසිටිනා මෙන් යුධ සමයේ ත්‍රස්තවාදි ක්‍රියාකාරකමි මත තමා විදි දුක්ඛිත ජවන රටාව දමිළ ජනතාගේ සිත් තුළ හොල්මන් කරන බව නොඅනුමානයි. යුද්ධය නිමවූ දසවසර මුලුල්ලේ උතුරු හා නැගෙනහිර ජනතාව රවටා තම ජාතිවාදි දේශාපාලන මතවාතයන් සමාජගත කිරිමෙ දැවන්ත ප්‍රයත්නයක යෙදුනා ඇරෙන්න මොවුන් තම ජනතාවට කළ සෙතක් නොමැත.

පුහු අරමුණු මුදුන් පමුණවා ගැනිම වෙනුවෙන් සංවිධානය කළ මෙම හර්තාලය ඔවුන් ඇස් ඉදිරියේම අසාර්ථක විමට කදිම නිදසුන් ලෙස මඩකලපුව දිස්ත්‍රික්කයේ කෝරලයිපත්තු ප්‍රදේශයේ ජනතාව විසින් මෙම හර්තාල් ව්‍යාපාරයට එරෙහිව විරෝධතාවයක් පැවැත්වු අතර කිලිනොචිචි ප්‍රදේශයේ පොදු වෙළදපොළ වසා දැමිම හේතුවෙන් අපහසුතාවයට පත් ප්‍රදේශයේ ජනතාව මාර්ග දෙපස තම ජිවිකාව කර ගත් දෛනික වෙළදාමේ යෙදීමත්ය. කෙසේ වෙතත් පරාජිත එල්ටීටීඊය නැවත හිස ඔසවා ඇති බවට ජනතාව බිය වද්දමින් හරිතාලය සාර්ථක කර ගැනීම සදහාත් එල්ටීටීඊ මතවාදයන් සමාජගත කිරිමටත් එල්ටීටීඊ ලාංජනය සහිත දැන්වීමි කිහිපයක් උතුරැ ප්‍රදේශයේ ප්‍රදර්ශනය කර තිබිමෙන් පෙනී යන්නේ මෙම හරිතාලයේ පැහැදිලි අසාර්ථකත්වයයි.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න