Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

අත්අඩංගුවට පත් කාන්තාවක් රෝහල්ගත කළ පසු මියයයි

|Sat, 17 October 2020|Security| Page Views :

මත්ද්‍රව්‍ය චෝදනාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් කාන්තාවක් පොලිස් අත්අඩංගුවේදී මියගිය බවට චෝදනා කරමින් ඇයගේ ඥාතීන් පිරිසක් (16) හික්කඩුව පොලීසිය ඉදිරිපිටදී විරෝධතාවයක නිරත වි ඇත.

අත්අඩංගුවට ගැනීමෙන් පසු ඇති වූ අසනීප තත්ත්වයක් මත කාරපිටිය රෝහලට ඇතුළත්කර සිටියදී ඇය මියගොස් තිබේ. හික්කඩුව කලුපේ ප්‍රදේශයේ 52 හැවිරිදි කාන්තාවක් පසුගිය 13 වැනිදින හික්කඩුව පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිළධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබුණේ මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීමේ චෝදනාවකට අදාළ බව සදහන් කර ඇත.

පොලිස් අත්අඩංගුවට පත්වීමෙන් අනතුරුව සිදුකළ ප්‍රශ්න කිරීම් අතරතුරදී අදාළ සැකකාරියට ඇතිවූ හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් ඇය කාරාපිටිය රෝහලට ඇතුළත් කර තිබේ. රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර එම කාන්තාව ඊයේ පස්වරුවේ මියගොස් ඇති බව වාර්තා වි ඇත.

සිද්ධිය සැළවීමත් සමඟ මියගිය කාන්තාවගේ පවුලේ ඥාතීන් විසින් හික්කඩුව පොලිස් ස්ථානය ඉදිරිපිටදී විරෝධතාවයක නිරතවූයේ පොලීසිය සිදුකළ පහරදීමක් හේතුවෙන් ඇය මිය ගිය බවට චෝදනා කර ඇත. ඇයගේ මරණයට හේතුව මෙතෙක් නිශ්චිතව තහවුරු වී නොමැති අතර සිද්ධිය පිළිබඳව විමර්ශන ක්‍රියාත්මක කර ඇත.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න