Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

සහරාන්ගේ කණ්ඩායම මරාගෙන මැරෙන ප්‍රහාර 20ක් හෙළිවේ

|Sat, 17 October 2020|Miscellaneous| Page Views :

මරාගෙන මැරෙන බෝම්බකරුවන් 20 දෙනෙකු යොදාගනිමින් පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරය එල්ල කිරීමට සහරාන් හෂීම් සැලසුම් කර තිබු බවට පාස්කු ප්‍රහාරය පිළිබඳව විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ පළමුවරට අනාවරණය වි ඇත.

එමෙන්ම පළමු ප්‍රහාරයෙන් පසුව අදියර 3 ක් යටතේ ප්‍රහාරයන් රැල්ලක් සිදුකිරීමට සූදානම් වී සිටි බවට ද අත්අඩංගුවටගත් සහාරාන්ගේ කණ්ඩායමේ සමාජිකයෙකුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී හෙළිවූ බව ද මෙහිදි අනාවරණය වී ඇත.

පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙමින් ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාස නිලධාරීයෙකු ලබාදුන් සාක්ෂිවල දී මේ පිළිබඳ තොරතුරු අනාවරණය වී තිබේ. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම හමුවේ ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාස නිලධාරීයෙකු (16) සාක්ෂි ලබා දි ඇත.

2019 වසරේ මාර්තු මාසය වන විට ජාතික තව්හීද් ජමාත් සංවිධානයේ නායක සහාරාන් හෂීම් සහ නවුෆර් මවුලවි අතර නායකත්වය වෙනුවෙන් ගැටුමක් හටගෙන ඇති බව අදාළ නිලධාරියා සාක්ෂි ලබාදෙමින් ප්‍රකාශ කර ඇත.

එම නිලධාරීයා වැඩිදුරටත් සඳහන් කළේ ප්‍රහාරයෙන් පසුව අත්අඩංගුවට ගැණුනු සහාරාන්ගේ කණ්ඩායමේ සාමාජිකයෙකුගෙන් සිදුකරනු ලැබු ප්‍රශ්න කිරීම්වලදී මේ බව අනාවරණය වි ඇත.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න