Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

පොළොන්නරුව රෝහලේ වාට්ටුවක් හුදකලා කෙරේ

|Sat, 17 October 2020|Miscellaneous| Page Views :

නව කොරෝනා ආසාදිතයෙකු හඳුනාගැනීමත් සමග පොලොන්නරුව මහ රෝහලේ අංක 22 දරණ වාට්ටුව හුදකලා කිරීමට පියවර ගෙන ඇති බව සඳහන් කර ඇත. ඒ අනුව, හදිසි ප්‍රතිකාර කටයුතු සඳහා හැර පොළොන්නරුව මහ රෝහලට සෙසු රෝගීන් ඇතුළත් කිරීම මේ වන විට තාවකාලිකව නවතා ඇති බව රෝහල් පාලනාධිකාරිය සඳහන් කර ඇත.

එමෙන්ම පොළොන්නරුව මහ රෝහලේ හෙදියන් ඇතුළු සෞඛ්‍ය කාර්යය මණ්ඩලය 42කු නිරෝධායනයට යොමුකර ඇති අතර ඔවුන් සියලු දෙනා පී.සී.ආර්. පරීක්ෂණයට යොමුකිරීමට ද පියවර ගෙන ඇත.

මිනුවන්ගොඩ ඇඟලුම් කර්මාන්ත ශාලාව ආශ්‍රිත කොවිඩ් නයින්ටීන් ආසාදිත පොකුර 1900 සීමාව ඉක්මවා ගොස් තිබේ. ඒ, (16) දිනයේ අවසන්වරට හඳුනාගැණුනු ආසාදිතයින් 49 දෙනා ද සමගය බව සදහන් කර ඇත.

මෙම ආසාදිතයින් 49 දෙනා අතුරින් 35 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථානවලින් හඳුනාගෙන ඇති අතර අනෙක් 14 දෙනා ඇඟලුම් කම්හල් සේවකයින්ගේ ආශ්‍රිතයින් බව සඳහන් කර ඇත. ඒ අනුව, මිනුවන්ගොඩ කොවිඩ් පොකුරේ සමස්ථ ආසාදිතයින් සංඛ්‍යාව 1901ක් බව කොවිඩ් නයින්ටීන් පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කර ඇත.

මෙම පිරිසෙන් පුද්ගලයින් 1041 දෙනෙකු එම ඇගලුම් කම්හලේ සේවකයින් වන අතර අනෙක් පුද්ගලයන් 860 දෙනා එම කම්හලේ සේවකයින්ගේ ආශ්‍රිතයින් බව ද එම මධ්‍යස්ථානය සදහන් කර ඇත.

(16) දිනය තුළ පමණක් එම ආසාදිත පොකුරෙන් හඳුනාගැණුනු ආසාදිතයින් ගණන 110ක් බවට වාර්ථා වි ඇත. මේ අතර, මේ දක්වා මෙරටදී හඳුනාගෙන ඇති සමස්ථ ආසාදිතයින් ගණන 5354 දක්වා ඉහළ ගොස්ති තිබේ.

ආසාදිතයින් 1956 දෙනෙකු රෝහල් 16ක පුර්ණ වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කර ඇත. සමස්ථ ආසාදිතයින්ගෙන් පුද්ගලයින් 3385 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න