Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

පාපන්දු ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයන් 3දෙනකුට කොවිඩ්

|Wed, 18 November 2020|Miscellaneous| Page Views :

ශ්‍රී ලංකාවේ සිටින මුල් පෙළේ පාපන්දු දැල් රකින්නෙකුට සහ තවත් පාපන්දු ක්‍රීඩකයන් කිහිපදෙනකුට කොරෝනා ආසාදනය වී ඇති බව වාර්තා වි ඇත. ආරක්ෂක අංශ දෙකක් යටතේ තරග වදින සහ පාපන්දු ජාතික කණ්ඩායමේ නියෝජනය කරන ක්‍රීඩකයන් 3 දෙනකුට මෙලෙස කොරෝනා අසාදනය වී ඇති අතර ඉන් දෙදෙනකුම දැල් රකින්නන් බවට විශ්වාසවන්ත ආරංචිමාර්ග සඳහන් කරයි. අදාළ සියලුම ක්‍රීඩකයන් මේ වනවිට නිරෝධායනයට ලක් කර ඇති අතර සියලු දෙනාම හොඳ සෞඛ්‍ය තත්වයෙන් පසුවන බව සඳහන් ව ඇත.

මීට ඉහතදී ජාතික මට්ටමේ පැසිපන්දු ඇතුළු ක්‍රීඩකයන් දෙදෙනකුට, රග්බි ක්‍රීඩකයකුට සහ දැල්පන්දු ක්‍රීඩිකාවකට මෙලෙස කොරෝනා ආසාදනය වූ අතර ඒ සියලුම ක්‍රීඩක ක්‍රීඩිකාවන් මේ වනවිට සුව අතට පත්ව ඇති බවට වාර්තා වි ඇත.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න