Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ඩයනා කුමරියගේ බී.බී.සී. සාකච්ඡාව ගැන නව විමර්ශනයක්

|Thu, 19 November 2020|Miscellaneous| Page Views :

චාල්ස් කුමරු සමඟ විරසකය, එවකට ඔහුගේ අනියම් පෙම්වතිය කැමිලා මෙන්ම තමාගේ අනෙකුත් සබඳතා පිළිබඳ ඩයනා කුමරිය හෙලිදරව් කළ 1995 වසරේ බී.බී.සී. පැනොරාමා වැඩසටහන පිළිබඳව නව විමර්ශනයක් සිදුකිරීමට විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු පත්කර තිබේ.

මෙම වැඩසටහන සඳහා ඩයනා කුමරිය සහභාගි කරගැනීමට බී.බී.සී. නිෂ්පාදක මාටින් බෂීර් ව්‍යාජ ලේඛණ ඉදිරිපත් කළ බවට පැමිණිලි කර තිබුණේ ඩයනා කුමරියගේ සොහොයුරු අර්ල් ස්පෙන්සර් විසිනි.

එහිදී ඔහු ඩයනා කුමරිය පිළිබඳ තොරතුරු ලබාගැනීම සඳහා ඇයගේ සේවකයින්ට මුදල් ලබාදී ඇති බවට ව්‍යාජ බැංකු ප්‍රකාශ ඉදිරිපත් කර ඇති බව සඳහන්ය.

එමඟින් ඇය අදාළ වැඩසටහන සඳහා සහභාගිවීමට පොළඹවා ඇති බවට අර්ල් ස්පෙන්සර් ප්‍රකාශ කර තිබුණා. එම වැඩසටහනෙන් පසු කෙටි කාලයක් තුළ ඩයනා කුමරිය, චාල්ස් කුමරුගෙන් නිල වශයෙන් දික්කසාද වූ අතර, 1997 වසරේ තම නව පෙම්වතා වූ ඩෝඩී අල්ෆයාඞ් සමඟ පැරීසියේ රිය අනතුරකින් ජීවිතක්ෂයට පත්වූයේ වයස අවුරුදු 36ක්ව සිටියදීයි.

නව විමර්ශනය නිවැරදි මාවතකට පිවිසීමක් ලෙස ඩයනා කුමරියගේ වැඩිමහල් පුතු විලියම් කුමරු ප්‍රකාශ කර තිබේ.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න