Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

පෙර පාසල් සඳහා නව ජාතික ප්‍රතිපත්තියක්

|Sat, 21 November 2020|Miscellaneous| Page Views :

පෙර පාසල් අධ්‍යාපනය පිළිබඳ ජාතික ප්‍රතිපත්ති සම්පාදනය කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය පියවර ගෙන තිබේ. ඒ සම්බන්ධයෙන් වන විශේෂ සාකච්ඡාවක් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේදී පෙරේදා පැවැති අතර, එහිදී ප්‍රාථමික අධ්‍යාපන ක්ෂේත්‍රයේ විශේෂඥ උපදෙස් අනුව සකස් කර ඇති දළ පිටපත අධ්‍යයනය කෙරනු බවයි අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළේය.

එහිදී සංශෝධනයන් කිහිපයක් සිදු කිරිමට එකඟ වී ඇති අතර, ඒ සඳහා අවසන් තීරණයක් ගැනීමට මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස ස්වාමීන් වහන්සේගේ සභාපතිත්වයෙන් නව දෙනෙකුගෙන් යුත් කමිටුවක් පත්කර තිබේ.

ඒ අනුව, ප්‍රාථමික අධ්‍යාපන ක්ෂේත්‍රය පිළිබඳව සකස් කර ඇති එම දළ පිටපත සම්බන්ධයෙන් අවසන් තීරණ ගැනීම සඳහා අදාළ කමිටුව ලබන 11 වනදා යළි රැස්වීමට නියමිතයි.

මේ අතර, බස්නාහිර පළාත සහ හුදෙකලා කර ඇති ප්‍රදේශවල පාසල්වල හැර සෙසු ප්‍රදේශවල පාසල්වල තුන්වන වාරය ලබන සඳුදා ආරම්භ කරන බවට අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් පෙරේදා සිදුකළ ප්‍රකාශ සම්බන්ධයෙන් විවිධ පාර්ශව අදහස් පළ කරනවා.

මහනුවර ප්‍රදේශයේ ඊයේ මාධ්‍ය හමුවක් කැඳවමින් පාසල් දරුවන් සුරැකීමේ දෙමාපිය ආදි ශිෂ්‍ය එකමුතුවේ ලේකම් ආර්.එම්.අයි.කේ. රත්නායක කියා සිටියේ කොරෝනා ව්‍යාප්තිය වර්ධනය වී ඇති අවස්ථාවක නැවත පාසල් විවෘත කිරීම සම්බන්ධයෙන් රජය ගෙන ඇති තීරණය නැවත සලකා බැලිය යුතු බවයි.

ශ්‍රී ලංකා රජයේ ගුරුවරුන්ගේ සංගමය සංස්කාරක ඉනෝෂ ගොඩගේ ඊයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ අනිද්දා සිට පාසල් යළි විවෘත කිරීම සම්බන්ධයෙන් රජය තීරණයක් ගෙන තිබුණද ඒ සඳහා නිසි වැඩපිළිවෙලක් නොමැති බවයි.

කෙසේ වෙතත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයෙකු වන, මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස ඊයේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ පාසල් සිසුන් සඳහා අන්තර්ජාලය ඔස්සේ සිදුකළ ඉගැන්වීමේ ක්‍රියාවලියේ යම් ගැටලුකාරි තත්ත්වයන් හේතුවෙන් එහි සාර්ථකත්වයක් සිදු නොවූ බවයි.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න