Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

මෙරට වැඩිම PCR පරීක්ෂණ ඊයේ වාර්තා වෙයි ...

|Sat, 12 December 2020|Miscellaneous| Page Views :

ඉකුත් පෙබරවාරි මස 18 වනදා සිට මේ දක්වා කාලය තුලදී මෙරට සිදුකර ඇති වැඩිම දෛනික PCR පරීක්ෂණ සංඛ්‍යාව ඊයේ වාර්තා වුණා. සෞඛ්‍ය ප‍්‍රවර්ධන කාර්යංශය පැවසුවේ ඊයේ දිනයේදී පමණක් මෙරට තුළ PCR පරීක්ෂණ 17,425 ක් සිදුකර ඇති බවයි. ඒ අනුව මේවනවටි මෙරට තුළ සිදුකර ඇති සමස්ථ PCR පරීක්ෂණ සංඛ්‍යාව නව ලක්ෂ 88,964 ක්.

මේ අතර ති‍්‍රවිද හමුදාව යටතේ කි‍්‍රයාත්මක නිරෝධායන මධ්‍යස්ථාන 66 කදී පුද්ගලයින් 6, 810 දෙනෙකු තවදුරටත් නිරෝධායනය වෙමින් සිටින බවයි කොවිඞ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික කි‍්‍රයාන්විත මධ්‍යස්ථානය පැවසුවේ. මේවනවිට මෙරටින් වාර්තා වන සමස්ථ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 31, 375 ක්. ආසාදිතයින් 22, 831 දෙනෙකු මේවනවිටත් පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් අවසන්. ඒ අනුව කොරෝනා ආසාදිතයින් 8, 398 දෙනෙකු රෝහල්ගතව තවදුරටත් ප‍්‍රතිකාර ලබිමින් සිටින බවයි සෞඛ්‍ය ප‍්‍රවර්ධන කාර්යංශය පැවසුවේ.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න