Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

බූරවී සුලි කුණාටුවෙන් උතුරේ ප්‍රදේශ කිහිපයකට බලපෑම්.. නිවාස රැසක් ජලයෙන් යටවෙයි.. ...

|Wed, 2 December 2020|Miscellaneous| Page Views :

බූරවී සුලි කුනාටු තත්වය හේතුවෙන් උතුරු පලාතේ ප්‍රදේශ කිහිපයකට බලපෑම හේතුවෙන් ගමනාගමන කටයුතු වලට හා නිවාස කිහිපයකට හානි සිදුව ඇති බවට දිස්ත්‍රීක් ආපදාකලමනාකරන ඒකකය කියා සිටියි.

උතුරු පලාතේ යාපනය , මුලතිව් , කිලිනොච්චිය හා මන්නාරම් දිස්ත්‍රීක්කයන්හි ප්‍රදේශ කිහිපයක මෙලෙස සුලි සුලං හා වර්ෂාව හේතුවෙන් හාන් සිදුව ඇති බවට වාරතා වෙයි.

මන්නාරම විඩත්තලතිව් ප්‍රදේශයේ නිවාස රැසක් වර් ෂා ජජලයෙන් යටවී ගංවතුර තත්වයක් ඇති තිබෙන අතරම ධීවර යාත්‍රා කිහිපයකට හානි සිදුව ඇති බවට ප්‍රදේශයේ ධීවරයින් පවසා සිටිති.

එමෙන්ම කිලිනොච්චිය කෝනාවිල් හා ක්නදපුරම් ප්‍රදේශයටද බලපෑ අධික සුලි සුලං තත්වයක් හේතුවෙන් ගස් කඩා වැටීම නිසා නිවාස රැසකට හානි සිදුව ඇති බවට දිස්ත්‍රීක් ආපදා කලමනාකරන ඒකකය පෙන්වා දෙයි,

එමෙන්ම මුලතිව් දිස්ත්‍රීක්කයේද කෝකිලායි , තන්නිරුත්තු , මුල්ලියාවලෙයි ඇතුලු ප්‍රදේශ කිහිපයකට අධික සුලං තත්වයක් ඇති වීම නිසාවෙන් නිවාස කිහිපයකට සුලු හානි සිදුව ඇති අතරම මුලතිව් මුල්ලියාවලෙයි ප්‍රධාන මාර්ගයට ගස් කඩා වැටීම හේතුවෙන් ගමනාගමන කටයුතුද අඩාල වී ඇති අතර යුද හමුදාව එක්ව වැටුනු ගස් ඉවත් කිරීමේ කටයුතු සිදු කරමින් සිටිති.

මේ අතර යාපනය නේඩුන්තීවු ප්‍රදේශයටද අධික සුලි සුලං තත්වයක් බලපා ඇති අතරම ධීවර යාත්‍රාවලටද හානි සිදුව ඇති බවට ප්‍රදේශයේ ධීවරයින් පවසා සිටින අතරම යාපනය පොන්නාලෙයි ප්‍රදේශයෙන් මුහුදු ගිය ධීවරයෙකුද මේ දක්වා අතුරුදහන්ව ඇති බවටද දිස්ත්‍රීක් ආපදාකලමනාකරන කාර්යාලයන් මගින් වැඩි දුරටත් පෙන්වා දෙයි.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න