මහර බන්ධනාගාර ගැටුමේ වාර්තාව ලබන සතියේ ...
|Wed, 23 December 2020|Security| Page Views :
|
|
මහර බන්ධනාගාර ගැටුම සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පත් කළ විමර්ශන කමිටුවේ පූර්ණ වාර්තාව එළඹෙන 30 වැනිදා විෂය භාර අමාත්‍යවරයා වෙත භාරදීමට නියමිතව තිබේ.
පසුගියදා මහර බන්ධනාගාරයේ ඇති වූ ගැටුම සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි ෂබ්රි මහතා විසින් කමිටුවක් පත්කරනු ලැබීය.
එහි සභාපති ලෙස විශ්‍රාමික මහාධිකරණ විනිසුරු කුසලා සරෝජනී වීරවර්ධන මහත්මිය පත් කළාය.
ඊට අමතරව ජනාධිපති නීතීඥ යූ.ආර් ද සිල්වා, අධිකරණ අමාත්‍යාංශයේ අතිරේක ලේකම් පාලන රෝහණ හපුගස්වත්ත, හිටපු බන්ධනාගාර කොමසාරිස් ගාමිණි ජයසිංහ, හිටපු නියෝජ්‍ය පොලිස්පති ලලින්ද රණවීර එහි සෙසු සාමාජිකයින් වේ.
බන්ධනාගාර ගැටුමට හේතු වූ කරුණු සහ ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සොයා බලා අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීම එම කමිටුවේ කාර්යය භාරය යි.
ඒ අනුව ඔවුන් බන්ධනාගාරයට ගොස් එහි රැදවියන්ගෙන් ප්‍රකාශ සටහන් කරගත් අතර පසුව අවස්ථා කිහිපයකදී නිලධාරීන් සහ වෙනත් පාර්ශවවලින් ද ප්‍රකාශ සටහන් කරගෙන තිබුණි.
එහිදී කෙටිකාලිනව ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් වන වාර්තාවක් පසුගියදා භාරදීමට අදාළ කමිටුව පියවර ගත්තේය.
කෙසේවෙතත් මෙම ගැටුම සම්බන්ධයෙන් සකස් කළ පූර්ණ වාර්තාව එළඹෙන 30 වැනිදා අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි ෂබ්රි මහතා වෙත භාරදීමට නියමිතව තිබේ.
|
|