ලොව පුරා කොරෝනා ආසාදිතයින් කෝටි 08 ඉක්මවයි
|Sat, 26 December 2020|Miscellaneous| Page Views :
|
|
ලොව පුරා කොරෝනා ආසාදිතයින් අට කෝටි එක්ලක්ෂ 93,344 දක්වා ඉහළ ගොස් තිබෙි. මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 17 ලක්ෂ 56,939ක් ලෙසයි. ගත වූ පැය 24රේ තවදුරටත් වැඩිම මරණ සංඛ්‍යාවක් සහ ආසාදිතයින් ප්‍රමාණයක් ඇමරිකාවෙන් වාර්තා වි ඇත.
පසුගිය දින හා සාපේක්ෂව ගත වූ පැය 24න් ඇමරිකාවෙන් වාර්තා වන නව මරණවල අඩුවක් දක්නට ලැබෙන බවයි විදෙස් වාර්තා සදහන් කළේ. එමෙන්ම, බ්‍රිතාන්‍යයෙන් සොයා ගැනුණු බී - 117 නමැති නව වෛරස් ප්‍රභේදය පළමු වරට ප්‍රංශය තුළින් ද වාර්තා වී තිබෙනවා. ප්‍රංශයේ සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළේ පසුගිය දෙසැම්බර් 10 වන දා ලන්ඩනයේ සිට පැමිණි පුද්ගලයෙකු ආසාදිතයෙකු බවට මෙලෙස හඳුනාගෙන ඇති බවට සදහන් කර ඇත.
|
|