පළමු ටෙස්ට් ගැටුම දකුණු අප්රිකාව ඉනිමකින් ජයගනී
|Tue, 29 December 2020|Miscellaneous| Page Views :
|
|
ශ්රී ලංකාව සහ දකුණු අප්රිකාව අතර සෙනචූරියන් හිදී පැවති පළමු ටෙස්ට් තරඟය ඉනිමකින් සහ ලකුණු 45 කින් ජයගැනීමට දකුණු අප්රිකාව සමත් වුණා. තරඟයේ ප්රථමයෙන් පන්දුවට පහරදුන් ශ්රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා ලකුණු 396ක් රැස්කළා.
පළමු ඉනිම ක්රීඩා කළ දකුණු අප්රිකාව විශිෂ්ඨ පිතිකරණයක නියැලෙමින් ලකුණු 621ක දැවැන්ත ඉලක්කයක් ශ්රී ලංකාවට ලබාදුන්නා. දෙවන ඉනිම ක්රීඩා කළ ශ්රී ලංකා කණ්ඩායමට සියලුදෙනා දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 180 ක් පමණයි.
|
|