Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ශ‍්‍රී ලංකා කී‍්‍රඩකයින් දෙදෙනෙකු දකුණු අපි‍්‍රකානු තරගාවලියෙන් ඉවතට

|Wed, 30 December 2020|Miscellaneous| Page Views :

ශ‍්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන කී‍්‍රඩකයින් දෙදෙනෙකු වන කසුන් රාජිතට සහ ළහිරු කුමාරට දකුණු අප‍්‍රිකානු කණ්ඩායම සමග පැවැත්වෙන දෙවන හා අවසන් ටෙස්ට් කි‍්‍රකට් තරගයට කී‍්‍රඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා. ඒ, ඔවුන් දෙදෙනා දකුණු අප‍්‍රිකානු කණ්ඩායම සමග පැවැති පළමුු ටෙස්ට් කි‍්‍රකට් තරගයේ දී ආබාධවලට ලක්වීම හේතුවෙන් බව සදහන් කර ඇත.

පාදයේ ආබාධයකට ලක් වූ ධනංජය ද සිල්වාට ද සති දෙකක කාලයක් විවේක ගැනීමට සිදුවීම හේතුවෙන් ඔහුට ද දෙවන ටෙස්ට් තරගයට කී‍්‍රඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා. දෙවන ටෙස්ට් තරගයේදී ලහිරු තිරිමාන්න, චමීර දුෂ්මන්ත සහ අසිත ප‍්‍රනාන්දුට අවස්ථාවක් හිමිවනු ඇති බව වාර්තා කර ඇත.

ශී‍්‍ර ලංකා කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකරු මිකී ආතර්, ඊයේ තරගයෙන් අනතුරුව ප‍්‍රකාශ කළේ වාසනාවකට කී‍්‍රඩකයින් 21 දෙනෙකු මෙම ටෙස්ට් තරගාවලිය සදහා දකුණු අපි‍්‍රකාව බලා පිටත්ව ආ බව සදහන් කර ඇත.

එසේ නොවන්නට මීළග තරගයේදී පිතිකරණ පුහුණුකරු, ග‍්‍රාන්ඞ් ෆ්ලවර්ට අංක 3 පිතිකරු ස්ථානයේත්, තමන්ට අංක 4 පිතිකරු ස්ථානයේදී කී‍්‍රඩා කිරීමට සිදුවනු ඇති බවයි ශී‍්‍ර ලංකා ප‍්‍රධාන පුහුණුකරු මිකී ආතර් මාධ්‍ය වෙත පැවසුවේ. ශී‍්‍ර ලංකා - දකුණු අපි‍්‍රකා දෙවන සහ අවසන් ටෙස්ට් කි‍්‍රකට් තරගය ජනවාරි මස 03 වනදා ජොහැනස්බර්ග් හිදි ආරම්භ වීමට නියමිතව ඇත.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න