Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

2021 සෞභාග්‍යයේ වසර කිරීම අධිෂ්ඨානයයි -ජනපති

|Fri, 01 January 2021|Security| Page Views :

නව වසර උදාවුයේ සමස්ත ශ්‍රී ලාංකේය ජනතාවම සිය මාතෘ භුමියෙහි ආර්ථික, දේශපාලන, සාමාජීය, සංස්කෘතික සහ තාක්ෂණික යන සෑම ක්ෂේත්‍රයකම නව යුගයක සම්ප්‍රාප්තිය අපේක්ෂා කරන සමයක බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

එබැවින් නව රජය නව වසර පිළිගන්නේ එය සෞභාග්‍යයේ වසර ලෙස ඉතිහාසයට එක්කිරීමේ දැඩි අධිෂ්ඨානය හා කැපවීම පෙරදැරිව බව ජනාධිපතිවරයා පෙන්වාදෙයි. නව වසර වෙනුවෙන් සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ බව කියා සිටියේය.

නව වසර උදාවත් සමග ජන හදවත්වල ජනිත වූ නැවුම් බව අලුත් රටක් ගොඩනඟන සෞභාග්‍යයේ දැක්ම වැඩපිළිවෙල පහසු කරනු ඇති බවට තමාට දැඩිව විශ්වාස බව ජනාධිපතිවරයා පවසයි.

එමෙන්ම ලැබූවා වූ නව වසර සමස්ත ජනතාවටත් දරු පරපුරටත් ඉසුරුබර අනාගතයක් උදාවන නව වසරක් වේවායි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රාර්ථනා කරයි.

මේ අතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නව වසරට සුබ පැතුම් එක්කරමින් සඳහන් කර ඇත්තේ, 2021 වසර සමස්ත ශ්‍රී ලංකාවාසීන්ට, නිරෝගී සුවය ලැබෙන සෞභාග්‍යමත් දේශයක් ගොඩනැගීම කෙරෙහි තැබු යහපත් බලාපොරොත්තු ඉටුවන වාසනාවන්ත සුබ නව වසරක් වේවා යන්නය.

සියලු අභියෝග හමුවේ සාර්ථකව මුහුණ දෙමින් ආර්ථිකය දුර්වල වීම වළක්වාලමින් විධිමත් ලෙස කළමනාකරණය කරමින්, ජනතා අපේක්ෂා යථාර්ථයක් බවට පත්කිරීමට වර්ථමාන රජය ගෙන යන වැඩපිළිවෙලට දායකත්වය ලබාදුන් සමස්ත ශ්‍රී ලංකාවාසීන්ට ප්‍රණාමය පුදකරන බව ද අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර තිබේ.

මේ අතර, ජාති ආගම් බේදයකින් තොරව සියලු ජනතාව සමගින් සාමයෙන් ජීවත්වීමට නව වසර තුළ දැඩිව අධිෂ්ඨාන කර ගත යුතු බව අස්ගිරි පාර්ශවයේ මහනායක අති පූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන හිමි සඳහන් කළේය.

මල්වතු පාර්ශවයේ අනුනායක පුජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම හිමි සඳහන් කළේ, 2020 නව වසර එකමුතුව සැමරීමට සියලු ශ්‍රී ලාංකික ජනතාව කටයුතු කළ යුතු බවය.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න