Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

චීන අන්තර්ජාල සබ්මැරීන් කේබල් ගැන රටවල් රැසක් සැකයෙන්

|Sun, 10 January 2021|Miscellaneous| Page Views :

සාගරය හරහා ලොව සියලු මහාද්වීප සම්බන්ධ කරමින් දිවෙන අන්තර්ජාල සබ්මැරීන් කේබල් තුළින් චීනයට රහසිගතව දත්ත ලබාගැනීමේ හැකියාවක් නිර්මාණය වී ඇති බවට ලෝකයේ බලවත් රටවල් රැසක් සැක උපදවා තිබේ.

ඇමරිකානු ,ජපාන සහ ඕස්ට්‍රේලියා බලධාරීන් සහ ආරක්ෂක විශ්⁣ලේෂකයන් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ අදාළ කේබල් පද්ධතිවලින් සියයට අනූවක්ම නිපදවීම, ඇතිරීම හෝ සංවර්ධනය කිරීමට චීනයට අයත් සමාගම් සම්බන්ධ වී ඇති බවයි.

එහිදී චීනය මෙම කේබල් පද්ධති තුළින් ගමන් කරන දත්ත රහසිගතව ලබාගැනීමට සහ පාලනය කිරීමට අවස්ථාවක් උදා කරගෙන ඇති බව එම රටවල්වල අදහස වී තිබේ.ලෝකයේ සමස්ත අන්තර්ජාල දත්තවලින් සියයට අනූපහක් පමණ මෙම කේබල් පද්ධති හරහා ගමන් කෙරෙන බව සදහන් වේ.

ඒ අතර ආර්ථික සහ ආරක්ෂක වශයෙන් වැදගත් සහ සංවේදී දත්ත ප්‍රමුඛ වන බවත් ඒවා නතුකරගැනීම හරහා චීනයට සමස්ත ලෝකයටම එකවර දැඩි බලපෑම් කිරීමේ අවස්ථාවක් නිර්මාණය වී ඇති බවටත් අදාළ රටවල් විශ්වාස කරයි.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න