කොළඹ සහ ගම්පහ ප්‍රදේශ කිහිපයක් හුදෙකලාවෙන් නිදහස්
|Mon, 11 January 2021|Miscellaneous| Page Views :
|
|
කොවිඩ් වෛරස ව්‍යාප්තිය හේතුවෙන් හුදෙකලා කර තිබූ මාලිගාවත්ත, දෙමටගොඩ සහ ග්‍රෑන්ඩ්පාස් පොලිස් බලප්‍රදේශ අද (05) අලුයම පහේ සිට හුදෙකලාවෙන් නිදහස් කෙරුනා. මේ අතර ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක්ද අද අලුයම පහේ සිට හුදෙකලා භාවයෙන් මුදාහැරීමට කටයුතු කළා.
ඒ අනුව ගම්පහ දිස්ත්‍රික්කයේ වත්තල පොලිස් වසමේ වැලිකඩමුල්ල ග්රාමනිලධාරි වසමේ දුව වත්ත, කිරිබත්ගොඩ පොලිස් වසමේ හුණුපිටිය උතුර ග්‍රාම නිලධාරි වසමේ වෙඩිකන්ද ප්‍රදේශය සහ මීගමුව පොලිස් වසමේ තල්දුව ග්‍රාම නිලධාරි වසමේ MC නිවාස යෝජනා ක්‍රමය එම ප්රදේශයි.
|
|