සියලු දුම්රිය සේවා අද සිට සාමාන්‍ය පරිදි
|Mon, 25 January 2021|Miscellaneous| Page Views :
|
|
කොරෝනා වෛරසය හේතුවෙන් තාවකාලිකව ධාවනය නතර කර තිබූ සියලු දුම්රිය, අද සිට සාමානය පරිදි ධාවනය කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව දුර ගමන් සේවා සියල්ල ද අද සිට ආරම්භ වන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ.
ඒ අනුව සියලු මාර්ගවල දෛනිකව ධාවනය කරන සියලු දුම්රිය සේවා අද සිට පෙර පරිදි ධාවනය කෙරෙනු ඇති. සුඛෝපභෝගී දුම්රිය සේවා හා පාර්සල් ඇතුළු භාණ්ඩ ප්‍රවාහන දුම්රිය සේවා ද සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක කිරීමටයි සැලසුම් කර ඇත්තේ. රාත්‍රී තැපැල් දුම්රිය ද අද සිට ධාවනයට එක් කිරීමට නියමිතයි. සෞඛ්‍ය නිර්දේශ අනුව සියලු දුම්රිය ගමන්වාර ක්‍රියාත්මක කරන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් කියා සිටියේ.
|
|