Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

කිරුළක් වෙනුවෙන් ලංකාවේ රූ රැජිනියන් ගැටෙද්දී මියන්මාරගෙන් ලොවට ලැබුණු ආදර්ශය

|Wed 07 April 2021|Miscellaneous| Page Views :

මේ වන විට මෙරට මාධ්‍ය අතර විශාල කතා බහක් වී ඇති මාතෘකාව වන්නේ විවාහක රූ රැජින තරගාවලියේ කිරුළක් සම්බන්ධව ඇති වූ ගැටළුවක් පිළිබඳවයි.මෙරට රූ රැජිනියන් අතර එලෙස ගැටුම් ඇති වෙද්දී විදෙස් පුවත් සේවාවන් තම රටේ ජනතාව වෙනුවෙන් නැගී සිටි රූ රැජිනක් පිළිබඳව වාර්තා කර තිබේ .එම රූ රැජින වාර්තා වන්නේ මියන්මාරයෙනි.

මියන්මාර රූ රැජින (Miss Grand Myanmar) ලෙස කිරුළු පැළඳ සිටින හැන් ලේ ( Han Lay) තම රටේ හමුදා පාලනයට එරෙහිව නැගී සිට තිබේ.

තායිලන්තයේ පැවැත්වෙන 2020- Miss Grand International තරගාවලියට සහභාගී වෙමින් ඇය ප්‍රසිද්ධ මාධ්‍යයේ තම රටේ හමුදා පාලනය දැඩිව විවේචනයකර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

ඒ අනුව මියන්මාර රූ රැජින පවසා ඇත,

“මගේ රටේ, මියන්මාරයේ අද බොහෝ දෙනෙක් මිය යමින් සිටි. කරුණාකර මගේ රටට උදව්වෙන්න. මේ මොහොතේ අපට හදිසි ජාත්‍යන්තර ආධාරය අවශ්‍ය කර ඇත.”

එමෙන්ම මේ වන විට හැන් ලේ තායිලන්තයේ රැඳී සිටින අතර ඇය පවසන්නේ හමුදා පාලනය ප්‍රසිද්ධියේ විවේචනය කිරීම නිසා දැනටමත් තමන් හට මරණ තර්ජන එල්ල වී ඇති බවයි.

එමෙන්ම කිසි ලෙසකින් හමුදාවට එරෙහි විරෝධතාවලට සම්බන්ධ නොවූ ඇගේ යෙහෙළිය මේ වන විටත් හමුදා පාලකයින් වෙඩි තබා ඝාතනය කර ඇති බවත් ඇය සඳහන් කර තිබේ.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න