Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

Samsung, Xiaomi, Oppo, vivo, ZTE හා Meizu යන සමාගම් විසින් ජංගම දුරකතන එළිදැක්වීමට සූදානම් වෙයි

||Fri 23 April 2021|Miscellaneous| Page Views :

ජංගම දුරකථන වල තිරයෙන් Selfie කැමරාව සැඟවීම සඳහා කාලයක් තිස්සේ බොහෝ ජංගම දුරකථන නිෂ්පාදකයින් වෙහෙසෙමින් සිටින අතර, එම අභියෝගය යම් ප්‍රමාණයකින් ජය ගැනීමට ZTE සමාගම සමත් වූ ඇත.

ZTE Axon 20 5G ජංගම දුරකථනය සමඟ Under display selfie කැමරා අත්දැකීම පලමු වරට ලබාදීමට ZTE සමාගම සමත් වුණාය.

ලොව පළමු Under Display Camera තාක්ෂණය සහිත ජංගම දුරකථනය සැප්තැම්බර් 1 වැනි දින එළිදැක්වීමට ZTE සමාගම සූදානම් වෙයි.

ZTE හැරුණු කොට මේ දක්වා කිසිදු ජංගම දුරකථන නිශ්පාදකයෙක් මෙම තාක්ෂණය සහිතව උපාංග වෙළඳපොලට නිකුත් කිරීමට කටයුතු කර නැති අතර, ඊට හේතුව වී තිබෙන්නේ තවමත් මෙම තාක්ෂණය 100% ක්ම පරිපූර්ණ වී නොතිබීමයි.

කොහොම උනත් ප්‍රසිද්ධ tipster කෙනෙකු වන Ice universe විසින් හෙළි කරන පරිදි, Samsung, Xiaomi, Oppo, Vivo, ZTE හා Meizu යන Andoid ජංගම දුරකථන නිශ්පාදකයින්, මෙම වසර අවසන් වීමට පෙර මෙම Under display camera තාක්ෂණය සහිතව උපාංග වෙළඳපොලට නිකුත් කරනු ඇති බව අනුමාන කෙරේ.

මීට අමතරව Samsung හා Oppo යන නිශ්පාදකයින් විසින් සිය Upcoming folding device වලට හා Xiaomi සමාගම විසින් Mi Mix 4 සඳහා මෙම Selfie camera තාක්ෂණය ඇතුළත් කරනු ඇති බව වැඩිදුරටත් වාර්තා වේ.

මීට අමතරව Vivo සමාගම විසින් ඔවුන්ගේ NEX 5 ජංගම දුරකථනයට වඩාත් වැඩිදියුණු කරන ලද under-display camera එකක් එකතු කිරීමට සූදානම් වන බව වාර්තා වන අතර, එය මෙම වසරේ දෙවන කාර්තුව ඇතුලත එළිදක්වනු ඇති බව අනුමාන කෙරේ.

ZTE සමාගම විසින් වැඩිදියුණු කරන ලද Under Display Camera තාක්ෂණය හා 3D facial recognition තාක්ෂණය හඳුන්වා දෙයි පසුගිය වසරේ නිකුත් කරන ලද ZTE Axon 20 5G දුරකථනය සමඟින් ලොව පළමු full screenඅත්දැකීම, එනම් punch hole හෝ notch වලින් බාධා නැති තිර අත්දැකීමක් සියපාරිභෝගිකයින්ට ලබා දෙන්නට ZTE සමාගම සමත් වුණු බව ඔබ දැනටමත් දන්නවා ඇත. ලොව පළමු Under Display Camera තාක්ෂණය සහිත ජංගම දුරකථනය සැප්තැම්බර් 1 වැනි දිනයේය.

එමෙන්ම ZTE සමාගම ඔවුන්ගේ පැරණි Axon 20 ජංගම දුරකථනයේ අන්තර්ගත වූ under-display camera එකෙහි වැඩිදියුණු කරන ලද සංස්කරණයක් සමඟින් නැවතත් Axon 30 ජංගම දුරකථනය එළිදැක්වීමට සූදානමින් සිටින බව ද වාර්තා වේ.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න