Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

විවාහ මංගල උත්සව තහනම අද සිට

|Tue, 04 May 2021|Miscellaneous| Page Views :

පවතින කොරෝනා තත්ත්වය සලකා විවාහ මංගල උත්සව පැවැත්වීම තහනම් කරමින් පැනවූ නියෝගය අද සිට ක්‍රියාත්මක වනවා. මංගල උත්සව ඇතුළු පැවැත්වීමට නියමිත සියලු උත්සව සහ මහජන ඒකරාශී වීම් තහනම් කිරීමට රජය ඉකුත් දා තීරණය කර ඇත.

ඒ, රටතුල පවතින කොරෝනා ව්‍යාප්ති අවදානම හමුවේයි. ඒ අනුව ඉදිරි සති 02 ක කාලය සඳහා රටතුළ සියලු උත්සව පැවැත්වීම තහනම් වනු ඇති. යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා පැවසුවේ කොරෝනා වසංගත තත්ත්වයන් හේතුවෙන් තහනම් කර ඇති රැස්වීම්, සාද සහ මංගල උත්සව ආදිය නිවාස හෝ වෙනත් ස්ථානවල ද පැවැත්විය නොහැකි බවට සදහන් කර ඇත.

ඊට අමතරව කොරෝනා පැතිරීම වැළැක්වීම සඳහා වෙනත් නිවෙස්වලට යාම සහ අමුත්තන්ට සංග්‍රහ කිරීමෙන් ද වළකින ලෙස යුද හමුදාපතිවරයා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. විවාහ මංගල උත්සව පැවැත්වීම අද සිට සති දෙකක කාලයක් තහනම් කිරීම රජය පියවර ගැනීමත් සමග බොහෝ දෙනා නිවෙස් තුල විවාහ මංගල පැවැත්වීමට සූදානමින් සිටින බවට තොරතුරු ලැබී ඇති බවයි යුද හමුදාපතිවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත.

මේ අතර තමාගේ ඥාතියෙකුගේ බව පවසමින් ඊයේ දිනයේ විවාහ මංගල උත්සවයක් පවත්වා ඇති බවට පළවන වාර්තා තරයේ ප්‍රතික්ෂේප කරන බව යුද්ධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා. ඔහු කියා සිටියේ අදාළ උත්සවයේ බවට පවසා සමාජ මාධ්‍ය වෙත මුදාහැර ඇති ඡායාරූපයේ ඇත්තේ තමන් යුද්ධ හමුදාපතිධූරයට පත්වූ දිනයේ ලබාගත් ඡායාරූපයක් බව සදහන් කර ඇත.

අදාළ ව්‍යාජ ඡායාරූප සමාජ මාධ්‍ය වෙත මුදාහැරි පුද්ගලයා ඉන් පැය 12 කට පසු එය නිවැරදි කර, එම විවාහ මංගල්‍යය යුද්ධ හමුදාපතිවරයාගේ ඥාතියෙකුගේ නොව හමුදාවේ වෙනත් නිලධාරියෙකුගේ බව දක්වා ඇති බව ද ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා වැඩිදුරටත් සඳහන් කළා. මේ අතර දිවයිනේ සියලු සත්ත්ව උද්‍යාන, අලි අනාථාගාර සහ සෆාරි උද්‍යාන යළි දැනුම්දෙන තුරු අද සිට වසා තැබීමට නියමිතව ඇත.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න