Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ගතවූ මාස 6 තුළ ලැබුණු ළමා අපයෝජන පැමිණිලි ගැන අනාවරණයක්

|Sun , 04 July 2021|Security| Page Views :

මේ වසරේ ගතවූ මාස 06 තුළ ළමා අපයෝජන සම්බන්ධයෙන් පැමිණිලි 4,000කට ආසන්න සංඛ්‍යාවක් ලැබී ඇති බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පවසයි.

මේ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරන ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති මහාචාර්ය මුදිත විදානපතිරණ මහතා පැවසුවේය,

"ළමා අපයෝජන පැමිණිලි ගිය වර්ෂයේ ලැබිලා තිබුණා 8165කි. මේ වර්ෂයේ මැයි 30 වන විට 4,000ක් පමණ ලැබිලා තිබෙනවා. පසුගිය මාස 6තුළ අපිට ලැබුණ දුරකථන පණිවුඩ සංඛ්‍යාව 48,000ක්. සියලු වර්ගයේ පැමිණිලි අපි භාර ගන්නවා. ඔබ කිසියම් දරුවෙකුගේ කිසියම් වෙනස්වීමක් නිරීක්ෂණය කළොත් ළඟම ඇති පොලීසියට දන්වන්න. එසේත් නැතිනම් 1929 අංකයෙන් අපිට දැනුම් දෙන්න." යනුවෙනි.

"ළමයා සහ නීතිය" ලෙස 06 සිට 13 ශ්‍රේණිය දක්වා පාසල් සිසුන්ට දැනුම ලබාදීම සඳහා අතිරේක පොත් 03ක් මේ වනවිට සකස් කරමින් පවතින බව ද ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපතිවරයා සඳහන් කළේය.

එහි වැඩ 75%ක් පමණ මේ වනවිට අවසන් කර ඇති බවද ඔහු පැවසීය.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න