Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

WhatsApp ආයතනය විසින් cloud chat backups සඳහා end-to-end encryption පහසුකම පරීක්ෂා කිරීමට කටයුතු කරයි

|Mon, 26 July 2021|Miscellaneous| Page Views :

WhatsApp සේවාව වෙත මෑතක සිට නව විශේෂාංග කිහිපයක්ම හඳුන්වාදීමට WhatsApp ආයතනය කටයුතු කරමින් සිටින අතර එම විශේෂාංග පිළිබඳව ලිපි කිහිපයකින්ම අප ඔබව දැනුවත් කිරීමටද කටයුතු කරනු ලැබුවාය.

මේ වනවිට, WhatsApp සේවාවේ තවත් විශාලතම අඩුපාඩුවක්ව පැවති cloud chat backups සඳහා end-to-end encryption පහසුකම නොමැති වීමටද විසඳුමක් ලබාදීමට WhatsApp ආයතනය කටයුතු කරමින් සිටින බව වාර්තා වන අතර එමගින් ඔබගේ WhatsApp chat backups password එකක් මගින් encrypt කිරීමේ හැකියාව හිමිවේ.

WABetaInfo වෙබ් අඩවිය විසින් වාර්තා කරන ආකාරයට, මෙම විශේෂාංගය Android සඳහා වන WhatsApp beta version 2.21.15.5 හි කොටසක් ලෙස ක්‍රියාත්මක වෙමින් පවතින අතර ඒ හරහා WhatsApp chat backups password එකක් මගින් encrypt කිරීමේ හැකියාව හිමිවේ.

එසේ encrypt කිරීමෙන් පසුව නැවතත් chat එක restore කිරීමේදී අදාල password එක ඇතුළත් කළ යුතු අතර මෙම password එක මුළුමුනින්ම පුද්ගලික ලෙස තබාගන්න බවත්, එය WhatsApp, Facebook, Google හෝ Apple වැනි වෙනත් සමාගමක් අතර share නොවන බවත් වැඩිදුරටත් වාර්තා වේ.

එමෙන්ම, ඔබට වැඩි ආරක්ෂාවක් අවශ්‍ය නම් password එකක් වෙනුවට 64-digit encryption key එකක් භාවිතා කරමින් ඔබගේ chat backups encrypt කළ හැකි අතර එම encryption key එක නැති වුවහොත් ඔබේ chat එක නැවත restore කරගැනීමේ හැකියාව නොමැති වේ.

මෙම විශේෂාංගය තවමත් WhatsApp beta පරිශීලකයන් හට පමණක් ලබාගැනීමට හැකියාව තිබෙන නමුත් ඉක්මනින්ම මෙම පහසුකම සියලුම WhatsApp පරිශීල්කයන් වෙත ලබාගැනීමට හැකියාව ලැබෙනු ඇතැයි බලාපොරොත්තු විමවට හැකිය.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න