Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ඇෆ්ගනිස්තාන නව ආණ්ඩුවේ වැඩි පිරිසක් තහනම් ලැයිස්තුවේ - එක්සත් ජාතීන් දැඩි කණස්සල්ලෙන්

|Sat 11 September 2021|Miscellaneous| Page Views :

ඇෆ්ගනිස්තානයේ නව ආණ්ඩුවේ ප්‍රධානීන්ගෙන් වැඩි පිරිසක් එක්සත් ජාතීන්ගේ සම්බාධක ලැයිස්තුවට ඇතුළත්ව සිටින්නන් වීම සම්බන්ධයෙන් ආරක්ෂක මණ්ඩලයේ දැඩි කණස්සල්ල පළවී තිබේ.

එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාගේ ඇෆ්ගනිස්තාන විශේෂ නියෝජිත ඩෙබොරා ලියොන් පසුගියදා මහා මණ්ඩලය හමුවේ නවතම තත්වය පිළිබද අනාවරණයක් සිදුකළාය.

එහිදී ඇය පෙන්වා දුන්නේ නව තලේබාන් ආණ්ඩුවේ සාමාජිකයන් 33 දෙනාගෙන් වැඩි පිරිසක් එක්සත් ජාතීන්ගේ සම්බාධක ලැයිස්තුවට ඇතුළත්වූවන් බවයි.

ඒ අතර නව තලේබාන් ආණ්ඩුවේ අගමැති,නියෝජ්‍ය අගමැතිවරැන් දෙදෙන මෙන්ම විදේශ අමාත්‍යවරයාද වේ.මීට අමතරව ,නව ආණ්ඩුව පුලුල් එකක් නොවන අතර එය සම්පූර්ණයෙන්ම සෑදී ඇත්⁣තේ තලේබාන් සාමාජිකයන්ගෙන් පමණයි.

ඩෙ⁣බොරා ලියොන් පෙන්වා දී ඇති ආකාරයට,ඊට කාන්තාවන්, හිටපු ආණ්ඩුවල අත්දැකීම් සහිත නි⁣යෝජිතයන්, සුලුජාතික නියෝජිතයන් කිසිවෙකුත් ඇතුළත් කර නැහැ.

මේ හේතුවෙන් ඇෆ්ගනිස්තානයේ නව තලේබාන් ආණ්ඩුව සමග ගනුදෙනු කිරීම ඉතා දුෂ්කර වනු ඇති බව එක්සත් ජාතීන්ගේ ආයතනවල අදහස වී තිබේ.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න