Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ඊයේ දිනයේදී කොරෝනා ආසාදිතයින් 2, 842ක් හඳුනා ගනියි

|Sat 11 September 2021|Miscellaneous| Page Views :

මෙරටින් ඊයේ දිනයේදී කොරෝනා ආසාදිතයින් 2, 842 දෙදෙනෙකු හඳුනා ගැනුණි. ඒ අනුව මේ දක්වා මෙරටින් හඳුනාගෙන ඇති සමස්ථ කොරෝනා ආසාදිතයින් ගණන හාරලක්ෂ 80, 478 කි. ඒ අතරින් හාරලක්ෂ 9, 628 දෙනෙකු මේවනවිටත් පූර්ණ සුවය ලබා තිබේ. මෙරට තුළ මේවනවිට සක්‍රීයව සිටින කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 59, 855 කි.

මේ අතර තවත් කොරෝනා මරණ 131 ක් මෙරටින් ඊයේ වාර්තා වුණාය. එම සියලු මරණ ඉකුත් 09 වනදා සිදුව ඇති බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර ඇත.

මියගිය පිරිස අතරින් 110 දෙනෙකු අවුරුදු 60 සහ ඊට වැඩි වයස් කාණ්ඩයේ පසුවූවන්ය. මියගිය පිරිස අතරින් 73 දෙනෙකු පිරිමි පුද්ගලයින් වන අතර 58 දෙනෙකු කාන්තාවන් වේ. මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති කොරෝනා මරණ සංඛ්‍යාව 10,995 කි.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න