Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

20 යි 20 පළමු තරගය දකුණු අප්‍රිකාව ලකුණු 28 කින් ජය ගනී

|Sat 11 September 2021|Miscellaneous| Page Views :

ශ්‍රී ලංකා කණ්ඩායම සමග කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ පැවැති පළමු 20 යි 20 ක්‍රිකට් තරගය ලකුණු 28 කින් ජය ගැනීමට සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම ඊයේ සමත්වුණාය.

කාසියේ වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකානු කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුළු 05 ක් දැවී ලකුණු 163 ක් රැස්කළාය. ඒඩ්න් මාක්‍රම් පන්දු 33 කදී රැස්කළ ලකුණු සංඛ්‍යාව 48 ක්. ආර් හෙන්ඩ්රික්ස් ලකුණු 38 ක් සහ ක්වින්ටන් ඩී කොක් ලකුණු 36 ක් රැස් කළාය.

පන්දු යැවීමේදී වනිඳු හසරංග කඩුළු 02 ක් බිඳ හෙලුවා. දුෂ්මන්ත චමීර, මහේෂ් තික්ෂණ සහ දසුන් ශානක එක් කඩුල්ල බැගින් දවා ගත්තාය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 06 ක් දැවී රැස් කිරීමට හැකිවුණේ ලකුණු 135 ක් පමණයි. දිනේෂ් චන්දිමාල් පන්දු 54 කදී නොදැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 66 කි. ඊට 6 යේ පහර 2 ක් සහ හතරේ පහර 5 ක් ඇතුළත්ය.

චාමික කරුණාරත්න ද නොදැවී ලකුණු 22 ක් රැස්කළා. දසුන් ශානක ලකුණු 16 යි. අවිශ්ක ප්‍රනාන්දු දැවී ගියේ ලකුණු 11 ක් රැස්කර සිටියදීයි. භානුක රාජපක්ෂ සහ වනිඳු හසරංග ලකුණු නොලබා දැවී ගියාය.

දකුණ අප්‍රිකානු පන්දු යවන්නන් 05 දෙනෙකු ශ්‍රී ලංකා කණ්ඩායමේ එක් කඩුල්ල බැගින් දවා ගත්තාය.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න