උත්සව සමය වෙනුවෙන් බස්නාහිර විශේෂ පොලිස් මෙහෙයුම්
Thu, 16 December 2021- Page Views : 0 results
		 
		 
		 
		 එළඹෙන නත්තල් හා අලුත් අවුරුදු උත්සව සමය හේතුවෙන් බස්නාහිර පළාතේ විශේෂ පොලිස් මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබෙනවා. ඒ අනුව පොලිස් නිලධාරීන් වැඩි පිරිසක් මේවනවිටත් බස්නාහිර පළාත තුළ විශේෂ රාජකාරි සඳහා  යොදවා ඇත. 
රථවාහන හැසිරවීම්, සෞඛ්‍ය මාර්ගෝපදේශ ක්‍රියාත්මක කිරීම, කූඨ වෙළෙන්දන්ගේ කටයුතු හා නගරාශ්‍රිතව ගැවසෙන ගැටකපන්නන්ගේ ක්‍රියා පාලනය කිරීම සඳහා එම නිලධාරීන් යොදවා තිබෙ.
 
පසුගිය වර්ෂවල වාර්තාවලට අනුව දෙසැම්බර් මස අවසන් සති දෙකක පමණ කාලය දිවයිනේ රිය අනතුරු වැඩි වශයෙන්ම වාර්තා වන කාලසීමාවක්. මේ හේතුවෙන් රථවාහන හැසිරවීම් හා මාර්ග නීති උල්ලංඝණය කරන රියදුරන් සම්බන්ධයෙන් දැඩිව නිරීක්ෂණය කරන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළා.