WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

සියලු ටෙනිස් ක්‍රීඩකයින් ගැන ඕස්ට්‍රේලියාව දැඩි විමසිල්ලෙන්

Fri, 07 January 2021- Page Views : 0 results

ඕස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලියට පැමිණෙන සියලු ටෙනිස් ක්‍රීඩකයින් සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් සිදුකරන බව ඕස්ට්‍රේලියාව අද නිවේදනය කළාය.

ඒ, ඔවුන්ගේ වීසා බලපත්‍රවල ගැටළු ඇත්දැයි සොයා බැලීම සදහායි.

මෙම ප්‍රශ්නය මතුවුයේ ඕස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලියට පැමිණි ලොව අංක එකේ ටෙනිස් ක්‍රීඩක සර්බියාවේ නොවැක් ජොකොවික්ට ඕස්ට්‍රේලියාවට ඇතුළුවීමට ඉඩ නොදීමේ සිද්ධිය සමගයි.

ජොකොවික් කොවිඩ් එන්නත්කරණය ඇතුළු ඔස්ට්‍ර්ලියාවට ඇතුළුවීමට අදාළ කොන්දේසි සපුරා නොතිබීම හේතුවෙන් ඔහුගේ වීසා අත්හිටුවීමටයි එරට බලධාරීන් පියවර ගත්තේය.

ඒ අනුව ලබන සදුදා පැවැත්වෙන අධිකරණ ක්‍රියාවලියකින් පසු ඔහු රටින් පිටුවහල් කරනු ඇති බව විදෙස් මාධ්‍ය අද වාර්තා කළාය.

ඔස්ට්‍ර්ලියානු විවෘත ටෙනිස් තරගාවලිය ජනවාරි 17 වනදා ආරම්භ වේ. නොවැක් ජොකොවික් අවස්ථා 9 කදී එහි ශූරතාව දිනාගෙන ඇත.