ශ්‍රී ලංකාව යළිත් ICC ටෙස්ට් ලෝක ශූරතා ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට
Mon, 10 January 2021- Page Views : 0 results
අයි සි සී ලෝක ටෙස්ට් ශූරතා ප්‍රසාද ලකුනු සටහනේ යළිත් පෙරමුණ ගැනීමට ශ්‍රී ලංකාවට හැකියාව ලැබී තිබෙනවා. ඒ, එංගලන්තය සහ ඕස්ට්‍රේලියාව අතර ඊයේ පැවැති අළුබඳුන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ සිව්වන තරගය ජය පරාජයෙන් තොරව අවසන් වීමත් සමගයි.
ඒ අනුව මෙතෙක් අයි සී සී ලෝක ටෙස්ට් ශුරතා ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගෙන සිටි ඕස්ට්‍රේලියාව දෙවන ස්ථානය දක්වා පසුබැස තිබෙ. ශ්‍රී ලංකා කණ්ඩායම මේ දක්වා සහභාගී වූ ටෙස්ට් තරග 02 ම ජයගනිමින් ප්‍රසාද ලකුණු 24 ක් ලබා එහි පෙරමුණේ පසුවන්නේ සියයට 100 ක ජයග්‍රාහී ප්‍රතිශතයකට හිමිකම් කියමින්.
එම සටහනේ තෙවන ස්ථානය පකිස්තානයට හිමිව ඇති අතර ඉන්දියාව පසුවන්නේ සිව්වන ස්ථානයේයි. එංගලන්ත කණ්ඩායම අයි සී සී ලෝක ටෙස්ට් ශූරතා ප්‍රසාද ලකුණු සටහනේ අවසන් ස්ථානයේ පසුවනවා.